ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමකාරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යන ආයතන වල නිළධාරීන් ගිණි ආරක්ෂණ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 31 වන දින රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත් විනි.
ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ගිණි ආරක්ෂණ පද්ධතිය පිළිබදව මෙන්ම හදිසි ගිනි තත්වයන් පාලනය කිරීම සහ ගිනි ආපදා තත්වයක දී ආරක්ෂිත මාර්ග ඔස්සේ සුරක්ෂිතාව තහවුරු කරගනිමින් නම් කර ඇති ආරක්ෂිත ස්ථානය වෙත ගමන් කිරීම දක්වා ක්‍රියාවලිය සිදු කළයුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සිදු වු අතර ගිණි නිවීමේ උපකරණ ක්‍රියාත්මක කිරීම පිළිබදව සිද්ධාන්තික හා ප්‍රායෝගික පුහුණු සැසියක් මගින් සහභාගී වු නිළධාරීන් දැනුවත් කිරීම මෙම පුහුණු වැඩසටහනට ඇතුලත් විය.
අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනවල සහභාගීත්වයෙන් පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය අන්තර්ගත කිරීමේ වැඩසටහන ආරම්භ කර පළාත් මට්ටමින් ක්‍රියාකාරී නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් සංවිධානය කර ක්‍රියාත්මක කරමින් පවතී.
අම්පාර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ පවතින පෙර සූදානම පිළිබඳව සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කිරීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මහතා අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම අද දින සිදු කරන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් අවදානම් තත්වයන්ට මුහුණ දෙන ධීවර ප්‍රජාවගේ ගැටලු පිළිබද සොයා බැලීම සිදු කෙරුනු අතර ආපදා අවදානම් පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම පිළිබද සොයා බැලීම සිදු කෙරිණි. එසේම අක්කරෙයිපත්තු රෝහල කේන්ද්‍ර කරගනිමින් රෝහල් පෙරසුදානම් වැඩසටහනකට ද අධ්යක්ෂ ජෙනරාල්තුමා සහභාගී විය.
මෙම අවස්ථාවට අම්පාද දිස්ත්‍රික් අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද එක් විය.
සුනාමි අනතුරු ඇඟවීමේ අවස්ථාවක දී පුද්ගලයින් ඉවත් කර ගැනීම සඳහා ජාතික මට්ටමේ සැළසුමක් සකස් කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීම සම්බන්ධව වැඩ මුලුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමා වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ඒම්එස්සී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ ශ්‍රවනාගාරයේ දී ජනවාරි මස 25 වන දින පැවැත්විණි.
සුනාමි අවස්ථාවක පුද්ගලයින් ඉවත් කිරීමේ සැළැස්මක අවශ්‍යතාවය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරුන් ඇතුලු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළු වේ දී සුනාමි අනතුරු ඇගවීමක දී ග්‍රාම සේවා වසම් මට්ටමින් ජනතාව ඉවත් කර ගැනීමේ සැළසුමක් නිර්මාණය කිරීමත්, එය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව අධ්යක්ෂ ජෙනරාල්තුමන් පෙන්වා දුන් අතර ත්‍රිවිධ හමුදාවට තම බල ප්‍රදේශයේ ග්‍රාමසේවා මට්ටමින් සුනාමි අනතුරු ඇඟවීම් අවස්ථාවකදී පුද්ගලයින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සැළසුම් සකස් කිරීමට උපදෙස් උපදෙස් ලබා දෙන ලදී.
අම්පාර දිස්ත්‍රක්කය විවිධ වූ ආපදාවන්ට ලක්වන දිස්ත්‍රික්කයක් මෙන්ම ඊසානදිග මෝසමට ලක්වන දිස්ත්‍රික්කයක් බැවින්ද දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ පවතින සූදානම පිළිබඳව සහ එහි ඇති අඩුපාඩු නිවැරදි කිරීම සඳහාත් අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම කළ අතර ඊට සමගාමීව ආපදා කළමනාකරන යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මහජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සඳහා පුහුණු කරන ලද ආපදා කළමනාකරණ ස්වේච්ඡා සේවකයින් 200 කට ආසන්න ප්‍රමාණයකට සහතිකපත් ප්‍රදානයද අද දින රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්යංශයේආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා මගින් සහ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.
රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටු කරනු ලබන සේවය අගය කරමින් අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින් අම්පාර දිස්ත්‍රික් ජනතාවගේ ප්‍රනාමය පුදකරමින් අධ්යක්ෂ ජෙනරාල්තුමා වෙත සමරු තිළිනයක් ද ප්රදානය කරන ලදී.
News & Events
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
- බදුල්ල සහ හාලිඇල අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සිදු වූ බාධා ඉවත් කිරීම.
Call Center
117+94 112 670 002