அவசர எச்சரிக்கைகள்

rss

WhatsApp Image 2025-11-01 at 14.22.06
 
ආපදා කළමනාකරණ මධ්යස්ථානය, 2025 නොවැම්බර් 5 වන දින ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්යාසය (IOWave25) යුනෙස්කෝ අන්තර් රාජ්ය සාගර විද්යා කොමිසම (IOC-UNESCO) විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය (IOTWMS) හරහා සම්බන්ධීකරණය කරන ලද කලාපීය අභ්යාසයක් වශයෙන් සංවිධානය කර ඇත.
ඉන්දියානු සාගර සුනාමි අභ්යසය (IOWAVE 25) ඉන්දීය සාගර කලාපයේ ඇතිවන භූමිකම්පාවක් ජනිතවන සුනාමි තත්වයක් පිළිබද පුරෝකථනය කර එවැනි තත්ත්වයක දී පාර්ශවකාර ආයතන තම ආයතනයනවල පවතින සම්මත මෙහෙයුම් ක්රියා පටිපාටියට අනුකූලව ක්රියා කරනු ලබන ආකාරය පිළිබද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්රියා පටිපාටි (SOPs) වලංගුතාව පරීක්ෂා කිරීම, සම්මත මෙහෙයුම් ක්රියා පටිපාටි අනුව හදිසි අවස්ථාවක දී රාජ්ය නිළධාරීන් කටයුතු කළ යුතු ආකරාය පිළබඳ පුහුණුවක් ලබාදීම, ප්රජාවන් සහ පළමු ප්රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්යාසයේ අරමුණයි. ආපදා කළමනාකරණ මධ්යස්ථානය,
එබැවින් අනියත බියක් ඇති කර ගැනීම අවශය නොවැක අතර යම් තොරතුරුක් පිළිබදව ඔබට වැඩිදුර තොරතුරු අවශ්ය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ හදිසි දුරකථන අංක 117 අමතා ඒ පිළිබදව තොරතුරු ලබාගන්න.

 

APD Poster 1-1

The Asian Preparedness Partnership (APP) will convene its 9th Regional Steering Committee Meeting in Colombo, Sri Lanka, co-hosted by the Sri Lanka Preparedness Partnership (SLPP) Co-Chairs, assisted by APP Secretariat at ADPC. Bringing together approximately 35 representatives from national disaster management offices, local civil society and humanitarian networks, private sector partners, and development stakeholders, the meeting aims to strengthen collaboration and governance across APP’s National Preparedness Partnerships (NPPs).

Objectives of the 9th APPRSC meeting

  • Highlight initiatives that strengthen and consolidate the NPPs by focusing on those effective in actual disaster response.
  • Present the planned interventions for the NPP’s selected thematic areas under the ADRF funded locally-led initiatives, emphasizing the benefits to the community and showcasing innovative approaches.

This year’s gathering will highlight effective and actual locally led disaster preparedness and response practices, showcase planned interventions by the NPPS under the Asian Disaster Readiness Fund, and foster South-South learning.

 

Bad Weatherඊසානදිග මෝසම් සක්‍රීයවීම හේතුවෙන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුරඅධික සුළංඅකුණුපස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් ආදී ආපදා හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම් මුදවාගැනීම් සහ සහන සැලසීමේ යාන්ත්‍රණය

 

 

 

 

 

 අම්පාර දිස්ත්‍රික්කය

ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් නැගෙනහිර පළාතට ඇති වු අධික වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පහත්බිම් ජලයෙන් යටවිය. එසේම ගංගා පිටාර ගැලීම මෙන්ම ගල්යෙහි ඉවුරු හානියට පත්වීම හේතුවෙන් පහත් බිම් ආශ්‍රිතව ක්ෂණික ගංගවතුර තත්ත්වයක් වාර්තා විය. ඒ අනුව මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජල ප්‍රවහාන පද්ධතිය අවහිරවීම හේතුවෙන් මුතූර් ප්‍රදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතනය යන ආයතන සහ අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් අවහිර වූ ජල ප්‍රවාහන පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකෙරිණි.

Emergemcy responce  8

 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

මේ දිනවල දිවයිනේ නැගෙනහිර පළාතට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පවේලි ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන අඩාලවිය. එබැවින් කඩා වැටුණු ගස ඉවත් කරමින් නැවත මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කිරීමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී.  

Emergemcy responce  4Emergemcy responce  2

 

 

 

Cover lo

පසුගිය වර්ෂයේ පෙබරවාරි මස මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය. ඉන් අනතුරුව අවස්ථා කීපයක දී රට තුළ භූචලන සිදුවීම් කිහිපයක් වාර්තා විය. වර්මානයේ දී මියන්මාර්හි ඇති වූ භූකම්පනයත් සමග නැවත ලොව පුරා භූමිකම්පා අවදානම පිළිබදව අවධානය යොමු වී ඇත. 

මේ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක්  ක්‍රියාත්මක කරන ලදී.


භූමිකම්පා ආපදා පුර්ව අනතුරු ඇඟවීමකින් තොරව සිදු වන බැවින් ජීවිත සහ දේපළ බේරා ගැනීම සදහා සූදානම් වීමට ඇත්තේ ඉතා සීමිත කාල පරාශයකි. ආපදාව කුමක් වුවත් ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ පිළිබඳ මනා අවබෝධයක් තිබීම මෙවැනි ආපදාවලින් සිදු විය හැකි හානි අවම කර ගැනීමට මහෝපකාරී වේ.

ක්ෂණිකය ක්‍රියාත්මකවී ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා සෑම නිවසකම සහ කාර්යාලයකම ක්‍රියාකාරී ප්‍රථමාධාර, පැහැදිලිව සලකුණු කළ ඉවත් කිරීමේ සැලසුම් සහ හදිසි ඇමතුම් දුරකථන අංක තිබිය යුතු අතර හදිසි අවස්ථාවක දී කටයුතු කිරීමට මනා දැනුමක් තිබිය යුතු බැවින් එය ඔබගේ දැනුවත් වීම සදහා මේ සමග නැවත පලකර ඇත.

 

එබැවින් ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සදහා පහත අත්පත්‍රිකා උපකාරීවිය වනු ඇත.

Cover lo

EARTHQUAKE - S page-0001  EARTHQUAKE - T page-0001 EARTHQUAKE - E page-0001 

 

Safety Day Cover

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණ අතර දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී රුපියල් බිලියන ගණනකි. එසේම සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැක. එබැවින් රජය නැවත මෙවැනි විපතකට පත් නොවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අනුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කරමින් මහජනතාවට මුහුණ පෑමට සිදු වී ඇති ආපදා අවදානම කළමනාකරණය කිරීම සඳහා කටයුතු කර තිබේ.

එසේම 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” වශයෙන් නම්කර තිබෙන අතර 2005 වසරේ මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික සුරක්ෂිත දින” සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.ඒ අනුව “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහතාගේ සහභාගීත්වයෙන් අද (12/26) දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී අද දින පැවැත්වුණා.

உட்பிரிவுகள்

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052