වර්ෂාව සමග ඇතිවිය හැකි නායයාම් අවදානම පිළිබද ජනතාව විමසිලිමත් විය යුතු යි.
කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනාගනෙ ඇති නායයාම් අධි අවධානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඇතිවිම හැකි නාය යාම් අවධානම පිළිබදව සැළකිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය
වර්ෂාව ඇතිවුව හොත් ගංගා ද්‍රෝනි කීයකට ගංවතුර අවදානම පවතී
කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද දින (27) ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
පසුගිය කාලය තුළ පැවති වර්ෂාපතනය නිසා ගංගා පෝෂක ප්‍රදේශවල පාංශු ස්ථර ජලයෙන් සංතෘප්ත වී තිබීම සහ ගංගාවල ජල මට්ටම් සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් පැවතීම නිසා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්. පී. සී සුගීෂ්වර මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසී ය.
ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කරන ලදී.
මෙම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තොට ගග, ගිං ගඟ, නිලවලා ගඟ කිරම ඔය සහ ඌරුබොකු ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්ව විසින් නිවේදනය කර ඇත.

ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි
ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් 2020 මැයි මස 26 දින සිට 29 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇති අතර විශේෂයෙන්ම මෙම තත්වය නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇත.
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
அவசர தொடர்புகள்
117+94 112 670 002