Government of Sri Lanka is a signatory of the Sendai Framework for Disaster Risk Reduction (SFDRR) (2015-2030) which is the Global Framework for Disaster Risk Reduction adopted by member states with the aim of reducing existing risk and preventing generation of new risk addressing natural as well as manmade disasters. Disaster Management Center, under the Ministry of Defense is obliged to coordinate facilitates and implements the SFDRR ensuring the collaboration of all stakeholders, following the foreign Policy of the country.
Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ 2023.11.06 දින අවබෝධතා ගිවසුමක් සඳහා අත්සන් කෙරුණු අතර Child fund ආයතනය වෙනුවෙන් අදිති රෝසි මහත්මිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 4.43 ක ව්‍යපෘතියක් වන අතර 2023 සිට 2024 දක්වා ක්‍රියාත්මක වේ. තවද මෙම අරමුදල් යොදා ගනිමින් තෝරාගත් පාසල් 15 ක ආපදා කළමනාකරණ සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාවේ කාළගුණය පිළිබඳ බලපෑම් ඇතිකරනු ලබන ඊසානදිග මෝසම ඉදිරි මාසවලදී ඇතිවීමට නියමිත බැවින් ඒ පිළිබඳව තාක්ෂණික ආයතනවල විශේෂයෙන්ම කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයෙහි නිළධාරීන් සහභාගී වෙමින් 2023.11.01 දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්විය.
2004 වර්ෂයේදී අප රටට බලපෑ සුනාමි ව්‍යසනයෙන් වූ හානිය සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කර ඇත. එමෙන්ම 2015 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම නොවැම්බර් 05 වන දින " ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනය "ලෙස නම් කර ඇත. මෙම වසරේදී ද එය ජාත්‍යන්තරව සැමරෙන අතර,“ ආපදා ප්‍රත්‍යස්ථික අනාගතයක් වෙනුවෙන් අසමානතාවය දුරලීම සඳහා පෙරසුදානම” (Fighting Inequality for a Resilience Future) මෙම වසරේ තේමාව වේ.
මුලතිවු ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ අංක 34 ආපදා කළමණාකරණ හා පළමු මූලික පාඨමාලාව හදාරණ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් 30කින් සමන්විත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝන සුදුසකම් ලැබීමේ පාඨමාලවේ 27 වන බදවා ගැනීමට අයත් නාවික නිළධාරීන් 38 දෙනෙකු සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් ඔක්තෝම්බර් 24 හා 25 දිනයන්හි ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
News & Events
- ආපදා පුර්වසුදානම් ක්‍රියාමාර්ග ශක්තිමක් කිරීම සදහා වු අපේක්ෂාකාරී ක්‍රියාමාර්ග ප්‍රවේශය(anticipatory action) පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
හදිසි ඇමතුම්
117+94 112 670 002