අධික වැසි හේතුවෙන් අද (20) පස්වරු 5.00 සිට 21 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ බදුල්ල, පස්සර, බිබිල, ලුනුගල මාර්ගය මාර්ගය වසා තැබේ. මෙම මාර්ගය භාවිතා කරන ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ නිවේදන නිකුත් කෙරේ.
අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයෙන් තප්පරයට ගණ මීටර් 11500 ක පමණ ජල ප්‍රමාණයක් මී ඔයට මුදා හැරේ. මේ නිසා මීඔය දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාව සුරක්ෂිත ස්ථාන කරා කඩිනමින් ඉවත් වීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දන්වා සිටී
ඉදිරි දින කීපය තුළ පළාත් කීපයකට තද වැසි බලාපොරෝත්තු වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මහවැලි ගංගාධාර පහත්බිම්වල ජනතාවට ගංවතුර අවධානම් නිවේදන නිකුත් කෙරේ.
පැවති අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජල මටටම ද වැඩිවෙම්න් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ නිසා වැලිකන්ද, කින්නියා, මුත්තූර්, සේරුවිල, කන්තලේ, ලංකාපුර, මැදිරිගිිරිය,තමන්කඩුව සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගංගාධාරයේ පහත්බිම් වල ජනතාවට ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
දිවයිනට බලපා ඇති ආපදා තත්වය පිළිබද අවධානය යොමු කෙරේ.

දිවයිනට බලපාන ආපදා තත්වය පිළිබද සමාලෝචන සැසියක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමාගේ හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (02) කොළඔ 07, විද්‍යා මාවතේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වීය.
දැනට සක්රියවෙමින් පවත්නා ඊසාන දිග මෝසම් තත්වය පිළිබද විශේෂ අවධානය යොමු කරමින් ඇතිවිය හැකි ආපදා අවදානම් අවම කර ගැනිම හා විපතට පත්වන ජනතාවට සහන සැලසීම සදහා කඩිනම් වැඩපිලිවෙලක් සැලසුම් කිරිමටත් ඒ සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලියට සම්බන්ධව කටයුතු කරන සියළුම පාර්ශවකරුවන් සහ සංවිධාන ඒකාබද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය වැඩපිළිවළක් සක්ස් කිරීමට නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
එසේම දැනට ආපදාවට ලක්වි ඇති දිස්ත්‍රික් 11 හි දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35 හි ප්‍රාදේශීය ලේකම්වරු හා අනෙකුත් නිළධාරීන් සමග නිරන්තරව ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සැලසීම කටයුතු කිරීමට උපදෙස් ලබාදෙන ලදී.
News & Events
- දිට්වා සුළි කුණාටුව කාල සීමාව තුළ වාර්තා වු අධික වැසි ඊසාන දිග මෝසම් සමය තුළ ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව සැලකිලිමක් විය යුතුය.
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
- Coordination of Emergency Donations to Rebuild the Country
- දිවයින වටා වැසි සහිත කාලගුණ තත්ත්වයක්.
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
හදිසි ඇමතුම්
117+94 112 670 002




