ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ 2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. යු ජයසේකර මහතා ඇතුලු ආයතන ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සහ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.
ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සහ සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල ක කිරීමෙන් අනතරුව සියළු නිළධාරීන් එක්ව 2024 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙන ලදී.
ආපදා හේතුවෙන් මියගිය ජනතාව සිහිපත් කර 19 වන ජාතික සුරක්ෂිත දිනය සැමරේ.
සුනාමි ව්‍යයසන සිදු වු දෙසැමිබර් (26) “ජාතික සුරක්ෂිත දිනය” සමරා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික වතාවත් සිදු කෙරුනු අතර පෙරවරු 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරන ලදී.ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ගරු විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා සහ සම්පත් අතුකොරළ මැතිතුමන්ලා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුලු රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද දින (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විය.
ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා SLT Mobitel, Hutch, Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
දෙසැම්බර් 26 දින පෙරවරු. 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහජනතාව සිහිපත් කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් රකින්න.
2004 දෙසැම්බර් 26 වන උදුවප් පුර පසලොස්වක පොහොය දින ඇති වූ සුනාමි ව්‍යසනයෙන් අප දිවයිනේ 35,000 කට අධික ජනතාවක් මියගිය අතර තවත් 5,000 පමණ පිරිසක් අතුරුදන් විය. ඇතිවු දේපළ විනාශය මෙන්ම ජනතාවට ඇතිවු ශාරීරික සහ මානසික පීඩාවන් අදටත් එම පවුල්වල අය අත්විදිමින් සිටී.
මේ තත්වය මත සුනාමි ව්‍යසනය සිදුවූ දින සිට සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සැමරුම් උත්සවයක් ලෙස සිහිගන්වන අතර 2012 වසරේ සිට මෙම දිනය ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් නම් කරන ලදී. මේ වසරේ දී ද සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ජාතික සුරක්ෂිත දිනය දීප ව්‍යාප්තව දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබේ.
මෙවර ද ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී පැවත්වීමට නියමිතය. එසේම සෑම දිස්ත්‍රික්කයකම ආගමික වතාවත්වලට මුල්තැන් දෙමින් ජාතික සුරත්ෂිත දින සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම වසරේ දෙසැම්බර් 26 වන දිනට උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය යෙදී ඇති අතර එදින දිවයින පුරා පෙරවරු 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහජනතාව සිහිපත් කරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීම කටයුතු කරන මෙන් සහ ආගමික වතාවත් සිදු කොට සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහ ජනතාව සිහිපත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආසියානු ආපදා පෙරසූදානම මධ්‍යස්ථානය (ADPC) එක්ව සංවිධානය කරන ලද සහ එක්සත් ජනපද නියෝජිතායතනයේමානුෂීය ආධාර සඳහා කාර්යාංශය(USAID-BHA) සහාය ඇතිව "දකුණු ආසියානු කලාපීය ආපදා පෙර සූදානම සදහා වන තිරසාර ජාතික අපේක්‍ෂාකාරී වැඩසටහන (SNAP)"2023 දෙසැම්බර් 13 සහ 14 යන දිනවල දී කොළඹමැරියට් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
SNAP දකුණු ආසියා වැඩසටහන හඳුන්වාදීම සහ අපේක්ෂිත ක්‍රියාමාර්ග සඳහා හදිසි සූදානමකදී කලාපීය සහයෝගීතාවයේ තීරණාත්මක කාර්යභාරය හඳුනා ගැනීමයි මෙම කලාපීය රැස්වීමේ මූලික අරමුණ වු අතර මෙම වැඩසටහන සදහා සහභාගී වු නේපාල නියෝජිත පිරිස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරන ලදී.
හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය, 117 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්පත් මධ්‍යස්ථානය මෙහිදී නිරීක්ෂණය කළ අතර හසිදි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ත්‍රිවිධහමුදාව පොලීසිය සහ සිවිල් රාජ්‍ය නිළධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළ හදිසි මෙහෙයුම් සම්බන්ධීකණය කිරීමේ වැදගත් කම අගය කරන ලදී.
News & Events
- මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
- බදුලු ඔය ආශ්රිත ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සඳහා ස්ථිරසාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාර්ශවකරුවන් අතර විශේෂ සාකච්ජාවක්.
- නිරිතදිග මෝසම් ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ජන ජීවිතය යලි නගාසිටුවීමට සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම සඳහා ආධාර.
- ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රත්මල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ නායයෑම් අවදානම නිරීක්ෂණය කර ජනාතගේ ආරක්ෂාව තහවුරු කරයි.
හදිසි ඇමතුම්
117+94 112 670 002