බුත්තල පිහිටි නිළධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය පුහුණු නිළධාරීන් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව.
බුත්තල පිහිටි නිළධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුව ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (07) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අත්තනගලු ඔය ද්‍රෝනියට ගංවතුර අවදානමක්
ඊයේ දින රාත්‍රී අත්තනගලු ඔය ද්‍රෝනියේ ඉහළ ජලාධාර ප්‍රදේශයට ඇදහැලුනු තද වර්ෂාව හේතුවෙන් ඉහළ ධාරා ප්‍රදේශයේ සමහර ස්ථාන සුලු ගංවතුර තත්වයක් වාර්තාවන බවත් වර්ෂාපතනය පහව ගොස් පැවතිය දඉහළ ද්‍රෝනියේ ජලය පහළට ගලා ඒම හේතුවෙන් අද (7) රාත්‍රිය වන විට පහළ ද්‍රෝණියේ ඇතැම් පහත් බිම් ප්‍රදේශවල සුලු ගංවතුර තත්වයක් වාර්තාවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම ගම්පහ - ජාඇල මාර්ගය සහ කිරිදිවිට - ගනේමුල්ල මාර්ගයත් කිරිදිවිට අවට පහත්බිම් ද ජලයෙන් යට විය හැකි බවත් අද දින රාත්‍රියේ ද යම් වර්ෂාවක් ඇතිවුව හොත් මෙම තත්වයේ වැඩි්වීමක් අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (05)නිවේදනය කර ඇත.දිවයින වටා මුහුද රළුවිය හැක.
2020 සැප්තැම්බර් 06 දින සිට 07 දින දක්වා දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සුළගේ වේගය වැඩිවීමත් සමග මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
නිවි ඩයමන්ට් ඉන්ධන නෞකාව ගින්න නිසා ඇතිවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීම පිළිබද සාකච්ඡාව
“නිවි ඩයමන්ට්” ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිණිගැනීම නිසා ඇතිවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීම සදහා ඉදිරියේ දී ගතයුතු පියවර පිළිබද සොයා බැලේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය,සාමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරීය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුවසහ ධීවර දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශවකාර ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්ගේ මුලිකත්වයෙන් මෙම ගිනිගැනීම නිසා සිදුවිය හැකි හානි වළක්වාගැනීම සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අද දින සාකච්ඡා කරන ලදී.
News & Events
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
- 2026 වර්ෂයේ වැඩ ආරම්භය
හදිසි ඇමතුම්
117+94 112 670 002




