ආපදා අවදානම් කළමනාකරණය පිළිබද දීප ව්‍යාප්ත චිත්‍ර තරගාවලිය
පාසල් සිසුන් තුළ ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ දැනුම අවබෝධය වැඩිදියුණු කිරිම සහ ආපදා අවදානම කළමනාකරණ ක්‍රියාවලියට පාසල් සිසුන්ගේ දායකත්වය ලබා ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියේ අවසන් අදියරයේ තරඟ ඊයේ (09) දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.
කුරුණෑගල සුන්නරාපොළ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයේ ගිනි ගැනීම
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සුන්දරාපොළ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයේ පසුගිය දා ගිණ්නක් ඇති විය. මෙම ගින්න පාලනය කිරීම සදහා කුරුණෑගල මහනගර සභාව, කුලියාපිටිය නගර සභාව සහ හලාවත නගර සභාවේ ගිණිනිවින ඒකක සම්බන්ධ වු අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, යුධහමුදාව, පොලිසිය සහ ගම්වාසින් සම්බන්ධ කරගනිමින් ගිනිපටි සකස් කරමින් කුනු කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයට ගින්න ව්‍යාප්තවීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදී.
බම්බලපිටිය ප්‍රදේශයේ ඇතිවු ගින්න පාලනය කිරීමට පියවර
අද පස්වරුවේ (28) බම්බලපිටිය, ආර්.ඒ ද මෙල් මාවතේ පිහිටි ඉදිකිරීම් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ගිණිනිවීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණයෙන් මෙම ගිනිගැනීම මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණට අධික උණුසුම් කාලගුණ තත්වයක්.මේ දිනවල බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ යන පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
දිවයිනේ ප්‍රදේශ කීපයකට අධික උණුසුම් කාලගුණ තත්වයක්.
මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
News & Events
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
- බදුල්ල සහ හාලිඇල අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සිදු වූ බාධා ඉවත් කිරීම.
හදිසි ඇමතුම්
117+94 112 670 002