rss

Emergency Command Vehicle was set ready to cope with any Disaster Situations.

emergency vehicle fEmergency Command Vehicle was set ready to cope with any Disaster Situations in the Country and equipped with all emergency communications and the emergency operation equipment at the DMC premises on 30th April 2020. 

Communication of the Military and Police also set up along with the command vehicle and staff was stand by.

·        Emergency Command Vehicle was set ready to cope with any Disaster Situations in the Country and equipped with all emergency communications and the emergency operation equipment at the DMC premises on 30th April 2020.

 

·        Communication of the Military and Police also set up along with the command vehicle and staff was stand by.

අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කරමු.

lightingවයඹ, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

පුත්තලම දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස  රැසකට හානි

Puttalama Wind 2020
අද දින පුත්තලම දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස 1083 කට පමණ හානි සිදුවී ඇත. හානියෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අදාල හානි තක්සේරු මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික උණුසුම් කාලගුණ තත්වයක්.

88039915 1646135805542137 5431752505396559872 oබස්නාහිර, නැගෙනහිර, වයඹ, සබරගමුව, උතුරුමැද සහ දකුණ යන පළාත් සහ මන්නාරම , වව්නියාව, මුලතිව් සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම කලාපයේ උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

 

කැලෑ ගිණි පාලනය කිරීමට ප්‍රතිචාර දැක්වීමට වැඩපිළිවළක්

Forest Fire 2020පවතින වියලි කාලගුණික තත්වය හමුවේ කැලෑගිණි ගැනීම් පාලනය කරීම, හදිසි ප්‍රතිචාර දැක්වීම, පෙරසුදානම සහ තාක්ෂණික ආයතනවල අදහස් ලබාගැනීම සදහා වු සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී ඊයේ දින (10) පැවැත්විනි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අනුව පවතින වියලි කාලගුණ තත්වය හමුවේ මේ වර්ෂයේ මාර්තු මාසය වන විට වාර්තා වී ඇති කැලෑ ගිණි ගණන 51 කි. එසේම පිළිවලින් 2016 වර්ෂයේ 118 ක් 2017 වර්ෂයේ දී 70ක් සහ 2018 වර්ෂයේ දී 156 ක් 2019 වර්ෂයේ දී 171 ක් කැලැ ගිණි ගැනීම් සිද්ධි වාර්තා වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත අනුව වාර්තා වී ඇත. 2020 වර්කැෂයේ දී කැලෑ ගිණි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 196 ක් විනාශ වී ඇත. එසේම 2016 වර්ෂයේ දී 2,887 ක් ද 2017 වර්ෂයේ දී 479 ක් ද 2018 වර්ෂයේ දී 1,184 ක් ද 2019 වර්ෂයේ දී හෙක්ටයාර ‍1,068 ක භූමි ප්‍රමාණයක් ද විනාශ වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්ත මගින් අනාවරණය වේ.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052