පර්යේෂණ විද්‍යාත්මක දැනුම මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හුවමාරු කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන ජාතික හා ජාත්‍යන්තර සංවිධානවල සහභාගීත්වයෙන් බහු-ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය දින තුනක් පුරා කොළඹ බංඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සාර්ථකය පැවැත් විය.
සමුලුවේ අවසන් දින ආරක්ෂක අමාත්‍යාංශ සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වු අතර ආපදා අවදානම් කළමනාකරණය සහ වඩාත් සඵලදායි බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම ක්‍රමෝපායක් තුළින් ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සදහා වන “කොළඹ ප්‍රකාශය” එළි දක්වනු ලැබීය.
මෙම ජත්‍යන්තර ප්‍රදර්ශනයට සමගාමීව පාසැල් දරු දැරියන් සහභාගීත්වයෙන් ජාතික මට්ටමින් පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගැයීම ද මෙහි දී සිදු කෙරිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, මහාචාර්ය රෝහාන් සමරජීව, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය. හඩල්ස්පීල්ඩ් විශ්වවිද්‍යාලීය (University of Huddersfield) නියෝජිතයින් ඇතුලු දේශීය හා විදේශීය නියෝජිතයින් විශාල පිරිසක් වීඩියෝ තාක්‍ෂණය තුළින් සමුළුවේ අවසන් දින උත්සවයට සහභාගී විය.
“කොළඹ ප්‍රකාශය” සහ බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ (MHEW 2020)පදී ඉදිරිපත් කරන ලද පර්යේෙෂණ පත්‍රිකා පහත වෙබ් අඩවියෙන් භාගත කළ හැකිය. http://cabaret.



මෙම අවස්ථාව ආවරණය කරන ලද ඡායාරූප සදහා - www.facebook.com/dmc.gov.lk/photos





2004 වසරේ දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර තිබෙන අතර සුනාමි ව්‍යයසනයෙන් මියගිය සියලු දේශිය සහ විදේශීය ජනතාව සිහිපත් කරමින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජාතික මටටම්න් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මගින් දිස්ත්‍රික් මට්ටමින් ද සර්ව ආගමික වැඩසටහන් පවත්වා ආපදාවලින් මියගිය ජනතාවට පිං පැමිණවීම මෙන්ම ඊට සමගාමීය විවිධ වැඩසටහන් පවත්වමින් ආපදා වලින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂත කිරීමට කටයුතු කරන ලදී.