ඉදිරි දින දෙක තුළ වැසි තත්වය අඩුවීමක් බලාපොරොත්තුවිය හැක
ඊයේ දින තෙක් දකුණ,රත්නපුර,හංවැල්ල හා කඵතර යන ප්‍රදේශ වලට සාමන්‍ය මි.මී 150 කට ආසන්න වැසි වාර්තා වුණු අතර ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශ වලට මි.මී 150 ත් 200 ක් පමණ වඩා වැඩි වර්ෂා පතනයක් වාර්තා වී ඇත. බස්නාහිර හා දකුණු පලාත්වල පවතින තද වැසි අද රාත්‍රියෙන් පසුව ක්‍රමයෙන් අඩුවන ලකුණු ඇති අතර තාවකාලික අඩුවුවද ඉදිරියේ දී අන්තර් මෝසම් කාලගුණය නිසාවෙන් හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
ඉදිරි දින දෙක තුළ වැසි තත්වය බලාපොරොත්තුවිය හැක - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අද (2019.09.23) උදෑසන 8.30 සිට මේ වන තෙක් දකුණ,රත්නපුර,හංවැල්ල හා කඵතර යන ප්‍රදේශ වලට සාමන්‍ය මි.මී 100 කට ආසන්න වැසි වාර්තා වුණු අතර ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශ වන සිරකඳුර,වඳුරඹ සහ හෑගොඩ යන ප්‍රදේශ වලට මි.මී 150 වඩා වැඩි වර්ෂා පතනයක් වාර්තා වී ඇති අතර බදාදා වනතෙක් මෙම වැසි තත්වය බලාපොරොත්තුවිය හැකි වන බවත් අද රාත්‍රියේ සහ හෙට දින වර්ෂාව වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය වැඩීවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 150 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් වැඩීවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත
දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
එසේම වයඹ, උතුර, ඌව, සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.
අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්ව පවතින අධික වැසි තත්වය මත රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප) කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය (අඹගමුව කොරළේ) යන දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් ප්‍රාද්ශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
News & Events
- ප්‍රජා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරණ වෛද්‍යවරුන් සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන.
- සිද්ධි විධාන පද්ධති (Incident Command System)පිළිබද එක්දින වැඩමුළුව
- ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- “සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන” පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- “ගමට වැඩක්-රටට හෙටක්” ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය තිළිණ ප්රදානෝතසවය
හදිසි ඇමතුම්
117+94 112 670 002