නිරෝධායනය වන නිවෙස්වල ජනයා ආපදාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සදහා විශේෂ වැඩපිළිවලක්.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා හේතුවන් විපතය පත් විය හැකි හෝ අවදානම් කලාපයක ජීවත් වන නිරෝධායනට ලක් වු පිරිස සුරක්ෂිතව එම ස්ථාන වලින් ඉවත් කිරීමේ වැඩ පිළිවළක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාක්මක කර ඇති බවත් එසේ ඉවත් වීම පිළිබදව යම් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍යනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 ට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. දින (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධයස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මේ අදහස් පල කරන ලදී.
වර්ෂාවත් සමග නායයාම් පුර්ව ලක්ෂණ පිළිබදව සැළකිලිමත් වන්න.
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථන අනුව බදුල්ල, නුවරඑලිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කලුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලත් කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික් සීමාවලට ආසන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ කදුකර ප්‍රදේශ නායයාම් සහ ඒ ආශ්‍රිත අපදා සිදුවිය හැකි බවත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පැතිබැමි, පස් කණ්ඩි කඩාවැටීමේ අවදානම් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පෙන්වා දෙන ලදී.
ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විනිස් අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ගංගා ද්‍රෝණි රැසක ගංවතුර ආපදා තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තර ගග, ගිං ගඟ, නිලවලා ගඟ සහ කිරම ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්ව විසින් නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම පසුගිය සතිය තුළ ඇතිවු වර්ෂාපතනය හේතුවෙන් දිවයිවනේ බොහෝ ජලාශ ජලයෙන්පිරී ඇති බවත් විශේෂයෙන්ම දැදුරු ඔය ජලාශය, උඩවලව ජලාශය සහ ඉගිනිමිටිය ජලාශය මේ වනවිටත් උපරිම ධාරිතාවයට ලගාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී. ඉදිරියේ දී වර්ෂාවත් සමග මෙම ජලාශවල වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවත් පෙන්වා දෙන ලදී.
තද උණ හෝ ස්වසන අපහසුතා පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විනිස් අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ඇතිවිය හැකි ආපදා බලපෑමට ලක්වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වල කටයුතු කිරීමේ දී කෝවිඩ් - 19 රට පුරා පැතිරීමේ අවදානමක් පවතන බැවින් ඒ පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙම අදහස් පළ කරන ලදී.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළ කළ අතර ශ්‍රී ලංකාවේ නිරිතදිග කළාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 70 - 80 දක්වා තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවාදානම් අනතුරු ඇගවීම් පිළිබදව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී.
News & Events
- ආපදා කළමනාකරණ ජාතික සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් හට ගන්නාගංවතුරපෙරහුරුඅභ්යාසය
හදිසි ඇමතුම්
117+94 112 670 002