ජලය බැස යාම සම්බන්ධයෙන් පවතින බාධාවන් හේතුවෙන්, වර්ෂා කාලයන්හිදී මල්වතු ඔය පිටාර ගැලීමෙන්, අනුරාධපුර නගරයේ පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් වන බව වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. මල්වතු ඔයෙහි සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මල්වතු ඔයේ ජලය බැස යා හැකි පරිදී පවතින බාධාවන් ඉවත් කොට ඇළ ශුද්ධ පවිත්‍ර කිරීමටත්, ජලය බැස යාමේදී පවතින ගැටලු ලෙස පවතින පාලම්, බෝක්කු පුළුල් කිරීම මගින් ජලය පහසුවෙන් ගලා යා හැකි ලෙස මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමටත් අදාල නිලධාරීන් සමඟ හැකි ඉක්මනින් සාකච්ඡා සිදු කරන තවදුරටත් ප්‍රකාශ කරන ලදී.
ආක්රමණික ශාඛ විශාල වශයෙන් පැතිර ගොස් තිබීමත්, කැලි කසල හා රොන් මඩ පිරී තිබීමත් ඉදිරී වැටී ඇති විශාල ප්‍රමාණයේ ගස් ඔය දෙපස රැඳී තිබීමත් මල්වතු ඔය අවහිරවීමට බලපාන්නාවූ හේතු ලෙස එතුමක් පෙන්වා අමාත්‍යතුමා මල්වතු ඔය ඔය වසර ගණනාවක් මුඵල්ලේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අනුරාධපුර නගර මෙන්ම පහත් බිම් වාර්ෂිකව ගංවතුර තර්ජනයට ලක්වන බව පෙන්වා දෙන ලදී.
ඉදිරි වර්ෂා කාලයේදී මල්වතු ඔය පිටාර ගැලීමෙන් ඇති වන ගංවතුර තර්ජන මගින් අනුරාධපුර නගරයෙහි බන්ධනාගාරය, රජයේ කාර්යාලයයන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික දේපල විශාල ගණනකට හානි සිදු වීම අවම කරලීම උදෙසා, “ආපදාවට පෙර සූදානම” වැඩසටහන යටතේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමන් තවදුරටත් පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යංශ ලේකම් සිසිර කුමාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ආර් පී සමරක්කොඩි මහතා ඇතුළු වාරී මාර්ග හා ජල සම්පත් සහ අපදා කළමණාකර අමාත්‍යාශයේ නිළධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ මොනරාගල දිස්ත්‍රික් වැඩසටහන දිස්ත්‍රික් අතිරේක ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2018.06.26 දින මොනරාගල වික්ටරි ඉන් හෝටලයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩ වැඩසටහනේ අරමුණ වේ. ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කර ගැනීමේ කාර්ෂයක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීමේ අභිප්‍රාය ඇතිව ආපදා කළමනාකරණය පිළිබදව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුලු දීපව්‍යාප්තව පවත්වනු ලැබේ.
ආපදා සංනිවේදනයේ දී පුර්ව දැනුවත් කිරීම් සහ සත්‍ය දත්ත සහ තොරතුරු ජනතාවට ලබාදීම තුළින් ආපදාවලින් සිදුවන ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීමත් මිනිස් ක්‍රියාකාරකම් කිරසර ආකාරයෙන් සිදුකිරීමට ජනතාව දැනුවත් කිරීමත් මෙම වැඩමුලු පැවැත්වීම තුළින් බලාපොරොත්ත්වේ. එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කරගැනීම සහ ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම පිළිබදව පුර්ව දැනුවත් කිරීමේ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ජනතාවට තොරතුරු ලබාදීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සදහා වු වැඩපිළිවෙළක් මෙම වැඩසටහනට ඇතුලත් වේ.
හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම පිළිබඳ පාඨමාලාව හදාරන ලද ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 194 දෙනෙකු සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් 21 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රධානය වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය දා (26) සිදු කෙරිණි.
වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංවිධානයෙන් ආපදා කළමනාකරණය ක්‍රියාවලිය යෙවීම් සහ මුදවා ගැනීම් ක්‍රියාවලිය පිළිබදව ත්‍රිවිද හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදාකළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන නිළධාරීන් පුහුණු කිරීම් සිදු කරන අතර මේ යටතේ 2017 වර්ෂයේ මාදුරු ඔය යුධ හමුදා පුහුණු පාසල, කුඩා ඔය යුධ හමුදා කදවුර සහ කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු පාසැල්වල සාර්ථක අන්දමින් පුහුණුව නිම කරන ලද නිළධාරීන් 215 දෙනෙකු සදහා සහතික පත්‍ර පිරීනැමීම සිදුකරන ලදී.
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංවිධානයෙන් හා ලෝක සෞඛ්‍යය සංවිධානයේ තාක්ෂණික දායකත්වයෙන් 2017 වසරේ පැවති සෙවීම් හා මුදවා ගැනීම් පිළිබඳ මූලික පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරනු ලැබූ ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 194 දෙනෙකු සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් 21 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රධානය කීරීමේ අවස්ථාවේ දී මේ අදහස් පළ කරන ලදී.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය අමතමින් ප්‍රකාශ කර සිටියේ මෙවර ඇති වූ ආපදා අවස්ථාවේදී ජීවිත හා දේපල හානි අවම කර ගනිමින් ජන ජීවිතය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබූනේද පෙර සූදානම් ක්‍රියාවලියේ පැවති සාර්ථකත්වය නිසාවෙන් බවත්, ඉදිරියේදී ග්‍රාමීය ප්‍රදේශ 30,000 ක තෝරා ගත් තරුණ පිරිස් 150,000 කට, ආපදා අවස්ථාවකදී මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දෙමින් ඔවුන් ස්වේච්ඡා බලකායක් ලෙස ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානය, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය යන සංවිධානයන්හි තාක්ෂණික දායකත්වය අපේක්ෂා කරන බවත් ගරු අමාත්‍යතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ආපදා කළමනාකරණ ක්‍රමවේදය පිළිබඳව හා ගැටඵ පිළිබඳව නවක පළාත් පාලන නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
පළාත් පාලන නිලධාරින්ට අයත් රාජකාරී භූමිකාව ආශ්රයෙන් ඔවුන්ගේ වගකීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අතර ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන හදිසි ආපදා සහ ඒවා කළමනාකරණය කිරීමේ දී මුහුණ දීමට සිදු වන අභියෝග පිළිබඳවත් නවක නිලධාරීන් දැනුවත් කරන ලදී.
News & Events
- CADRE Basic Training, Training for Instructors and Instructor Workshop
- අධික වර්ෂාව නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ නායයාම් අවදානම් ස්ථාන නිරීක්ෂණය කිරීමට පියවර.
- ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ නිළධාරීන් සදහා භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණය (GIS) පිළිබද පුහුණු පාඨමාලාව.
- ආපදාඅවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතා වර්ධනය පුහුණු වැඩසටන.
- Training of Trainers (TOT) Pilot Workshop on Humanitarian Standards for Safety Centres
හදිසි ඇමතුම්
117+94 112 670 002