පවතින කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ
පවතින කෝවිඩ් -19 වසංගත තත්වය තුළ ආපදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෑම දිස්ත්‍රික්කයකටම යවා ඇති බවත් හදිසි ආපදා තත්වයක දී පුර්ව දැනුම්දීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීම සදහා අවශ්‍ය සියලු යාවත්කාලීන කිරීම් සිදු කර ඇති අතර නිරිතදිග මෝසම් වර්ෂාවේ බලපෑමට ලක්වන දිස්ත්‍රික්කයන්හි පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය කිරීම සදහා ආපදා පෙර සුදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් සකස්කර ඇත.
නිරෝධායනය වන නිවෙස්වල ජනයා ආපදාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සදහා විශේෂ වැඩපිළිවලක්.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා හේතුවන් විපතය පත් විය හැකි හෝ අවදානම් කලාපයක ජීවත් වන නිරෝධායනට ලක් වු පිරිස සුරක්ෂිතව එම ස්ථාන වලින් ඉවත් කිරීමේ වැඩ පිළිවළක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාක්මක කර ඇති බවත් එසේ ඉවත් වීම පිළිබදව යම් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍යනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 ට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. දින (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධයස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මේ අදහස් පල කරන ලදී.
තද උණ හෝ ස්වසන අපහසුතා පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විනිස් අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ඇතිවිය හැකි ආපදා බලපෑමට ලක්වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වල කටයුතු කිරීමේ දී කෝවිඩ් - 19 රට පුරා පැතිරීමේ අවදානමක් පවතන බැවින් ඒ පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙම අදහස් පළ කරන ලදී.
වර්ෂාවත් සමග නායයාම් පුර්ව ලක්ෂණ පිළිබදව සැළකිලිමත් වන්න.
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථන අනුව බදුල්ල, නුවරඑලිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කලුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලත් කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික් සීමාවලට ආසන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ කදුකර ප්‍රදේශ නායයාම් සහ ඒ ආශ්‍රිත අපදා සිදුවිය හැකි බවත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පැතිබැමි, පස් කණ්ඩි කඩාවැටීමේ අවදානම් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද දින (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පෙන්වා දෙන ලදී.
ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි දින කීපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ලැබිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විනිස් අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණ හොත් ගංගා ද්‍රෝණි රැසක ගංවතුර ආපදා තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තර ගග, ගිං ගඟ, නිලවලා ගඟ සහ කිරම ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්ව විසින් නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම පසුගිය සතිය තුළ ඇතිවු වර්ෂාපතනය හේතුවෙන් දිවයිවනේ බොහෝ ජලාශ ජලයෙන්පිරී ඇති බවත් විශේෂයෙන්ම දැදුරු ඔය ජලාශය, උඩවලව ජලාශය සහ ඉගිනිමිටිය ජලාශය මේ වනවිටත් උපරිම ධාරිතාවයට ලගාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලදී. ඉදිරියේ දී වර්ෂාවත් සමග මෙම ජලාශවල වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවත් පෙන්වා දෙන ලදී.
News & Events
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
- බදුල්ල සහ හාලිඇල අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සිදු වූ බාධා ඉවත් කිරීම.
හදිසි ඇමතුම්
117+94 112 670 002