සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ආරම්භ කිරීමේ අවස්ථාව.
යුගයෙන් යුගය මානව ශිෂ්ටාචාරය පරිනාමය වෙමින් සංස්කෘතික වශයෙන් අනන්‍ය වු එමෙන්ම වසර දහස් ගණනක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන චාරිත්‍ර වාරිත්‍ර වලින් හෙබි ජාතික උත්සව අතර අනන්‍ය වු සිරිත් විරිත් අනුව සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද අති උත්කර්ශවත් අන්දමින් අප සමරුණු ලබන බව ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද දින (19) සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුවැඩ ආරම්භ කිරීමේ අවස්ථාව අමතමින් පැවසීය.
මේ දිනවල පවතින දැඩි ණුසුම් තත්වය පිළිබදව සැළකිලිමත් වන්න
මේ දිනවල රට තුළ උණුසුම් දර්ශකය (Heat Index) පිළිපදව දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. මෙම නිවේදනයට අනුව මුලතිව්, වව්නියාව, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක වල උෂ්ණත්වය ඉහළ අගයක් අතර අගයක් වාර්තාවිය හැකි බව සදහන් වේ.
දැඩි උණුසුම්කාරී තත්වය හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
තිස්සමහාරාම රාජ්‍ය ආයතන සදහා ගිනි ආරක්ෂණ දැනුවත් කිරීම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගිය දා පැවැත් විණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ගිණි ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හම්බන්තොට ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගත් ආපදා අවදානම් අවම කිරීමේ සහයකයන් සදහා ජීවිතාරක්ෂක පුහුණුවක්
බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගත් ආපදා අවදානම් අවම කිරීමේ සහයකයන් සදහා ජීවිතාරක්ෂක පුහුණුවක්
බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, කොලොන්න, ගොඩකවෙල හා කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා අවදානම් අවම කිරීමේ සහයකයන් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටනක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පර්ශ්‍රයේදී පවත්වන ලදී.
A Guidelines and Operations Plan to Minimize Disasters during the GCE Ordinary Level Examination Period
The GCE Ordinary Level examination in 2020 could not be held in December due to the COVID-19 epidemic in the country and is scheduled to be held from 01st to 10th March 2021, taking into account the guidelines issued by the Ministry of Health.
In collaboration with the Department of Examinations Disaster Management Center (DMC), a guideline and action plan has been prepared to minimize possible disruptions during the GCE Ordinary Level Examination this year.
News & Events
- නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන කළාපයක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අයහපත් කාලගුණික තත්ත්වයක්.
- අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ව්‍යසනවලට හේතුවයි. නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමයි.
- උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ගංගාද්‍රෝණි 12 ක් සඳහා ගංවතුර අවදානම් පුර්ව දැනුම්දීමක්.
- ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමට පෙර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම්.
- පස්සර - ලුණුගල මාර්ගයේ 13 හන්දියේ සිදු වූ නායයෑම හේතුවෙන් ඇති වී ඇති මාර්ග අවහිරතා ඉවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්.
හදිසි ඇමතුම්
117+94 112 670 002