rss

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකියි.


Bad Weather 2019
ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද (14) දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම තත්වය හේතුවෙන් දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් දක්වා වැඩිවිය හැකි බවත් විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

ගාල්ල, මාතර, කලුතර දිසත්‍රික්ක සදහා නායයාම් රතු නිවේදන

landslideජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම,දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.

Bad Weatherසබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කර ඇත.

එසේම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙම නිවේදනයේ සදහන් කර ඇත.

අපේක්ෂිත මට්ටමේ වර්ෂාවක් ඇතිවුව හොත් නායයාම් අවදානම් කදුකර ප්‍රදේශවල නායයාම, පස්කන්ඩි කඩාවැටීම, පහත් බිම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවලට ගංවතුර අවදානම ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සහ අකුණු අනතරු අවම කර ගැනීම සදහා කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතුය. 

wpf-monsoon-articleAdhering to early monsoon pre-emptive planning, the Disaster Management Centre (DMC) has already commenced initial work in preparedness activities with regard to the South West monsoon season which is expected in the month of May 2021. Considering the prevalent situation in the country due to the third outbreak of the COVID-19 pandemic and complying with the regulations issued by the Ministry of Health, identifying appropriate preparedness and planning activities and programmes has certainly become a challenging task.

In this regard the DMC arranged an online Zoom meeting on 4th May 2021 with the participation of technical agencies and related stakeholders to share the climate outlook for the upcoming South West monsoon season and also the likely impact of the disasters that may happen due to heavy rainfall, flash floods, landslides, cutting failures etc. This meeting presided by the Director General – Disaster Management Centre (DMC) witnessed the senior officers of key technical institutions such as the Department of Meteorology, National Building Research Organization (NBRO) and Department of Irrigation expressed their views on the probable climatic forecasts based on different scenarios and the impact of hazards in districts which are likely to get affected during the South West monsoon.

සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ආරම්භ කිරීමේ අවස්ථාව.

Sinhala Tamil Aluth Awurudu 2021 1යුගයෙන් යුගය මානව ශිෂ්ටාචාරය පරිනාමය වෙමින් සංස්කෘතික වශයෙන් අනන්‍ය වු එමෙන්ම වසර දහස් ගණනක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන චාරිත්‍ර වාරිත්‍ර වලින් හෙබි ජාතික උත්සව අතර අනන්‍ය වු සිරිත් විරිත් අනුව සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද අති උත්කර්ශවත් අන්දමින් අප සමරුණු ලබන බව ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද දින (19) සිංහළ සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුවැඩ ආරම්භ කිරීමේ අවස්ථාව අමතමින් පැවසීය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052