2026 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනෙරාල් අනුර ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වසිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත, ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ආසිරි කරුණාවර්ධන සහ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඇතුලු ආයතන ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සහ අනෙකුත් නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.
දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන අමාත්‍යවරුන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම්, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමිත මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන් සහ සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමි වූ ජනාවගේ ඥාතීන් ඇතුලු මහජන සහභාඝිත්වයෙන් ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී අද දින පැවැත්විණි.
සුනාමියෙන් සහ අනෙකුත් ආපදා වලින් මිය ගිය ජනතාව සිහි කර සර්ව ආගමික වතාවත් පවත්වා පිජ අනුමෝදනා කළ අතර ˝ජාතික සුරක්ෂිත දිනය” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට කටයුතු කරන ලදී එසේම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින සමාජීය සහ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කර තිබිණි.
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි.
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී 15 වන දින පෙරවරුවේ පැවැත්විණි. ජාතික ආපදා කළමනාකරණ ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීම සහ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත සංශෝධනය කිරීමට අදාළ පත්‍රිකාව සභාගත කිරීමද මෙහිදී සිදු විය.
බහු-පාර්ශ්වික ප්‍රවේශයක් තුළින් වතු ප්‍රදේශවල නාය යෑම් අවදානම අවම කිරීම සඳහා NBRO විසින් අදාළ පාර්ශ්වකරුවන්, වතු හිමියන් සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණයෙන් ජලාපවහන පද්ධතිය ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය ඇතුළු ක්‍රියාකාරිත්වයන් සඳහා නිර්දේශ ලබාදීම සහ සහතික කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, මධ්‍යම අධිසංවේදී කලාප (Central Fragile Area) කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට අදාළව තාක්ෂණික කණ්ඩායම් පිහිටුවීම සහ අදාළ සියලු ආයතනවල තොරතුරු ඒකාබද්ධ කරගත් සැලැස්මක් සකස් කිරීමටත්, එම දත්තවලට සියලු ආයතනවලට ප්‍රවේශ විය හැකි ආකාරයේ ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් සකස් කිරීම පිළිබඳවත් අවධානය යොමු විය. විනිවිදභාවය තහවුරු කරමින් ලැබෙන සියලුම විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණයට අදාළව විදේශ සහනාධාර සම්බන්ධීකරණය සඳහා වන කමිටුව ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබා දීම සහ ඊට අදාළ බලතල පැවරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය.එසේම දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී එය රුපියල් බිලියන ගණනක්. සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැකියි.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදුකරනු ලබන අතර මෙවර “ජාතික සුරක්ෂිත” දින වැඩසටහන වෙනුවෙන් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින සමාජීය සහ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත. එසේම මෙවර දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී 2025.12.26 දින පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
දිට්වා සුළි කුණාටුව කාල සීමාව තුළ වාර්තා වු අධික වැසි ඊසාන දිග මෝසම් සමය තුළ ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව සැලකිලිමක් විය යුතුය.
ඊසාන දිග මෝසම් සක්‍රීය විමත් සමග පසුගිය වර්ෂ 30 ක කාල සීමාවකට අදාලව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සළකා බැලීමේදී උතුරු පළාත තුළ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත්, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහ බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවත් විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසව ලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය විසින් නිවේදනය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා අද දින (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලදී.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇති පුරෝකථන අනුව සියළු තාක්ෂණික ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික මට්ටමින් මෝසම් පෙර සූදානම් කමිටුව රැස්කර සියළු පාර්ශවකාර ආයතන වෙත ඔවුන්ගේ වගකීම් සහ කාර්යභාරය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළ බවත් හදිසි අවස්ථාවකදි ක්ෂණිකව ක්‍රියාත්මකවීම සදහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් මුදවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය උපකරණ සහිතව සූදානම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරාය තවදුරටත් පෙන්වා දෙන ලදී.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වැසි නිසා පස් ස්ථර ජලයෙන් සංතෘප්ත වී ඇති බවත් සුලු වර්ෂාවත් දී හෝ ගංවතුර සහ නායයෑම් සිදුවිය හැකි බැවින් මහජනතාව ඒ් පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස් ර කෙරෙහි මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යම සහ කාඩා පරිමාන ජලාශ සලකාබලන විට ජලාශ 80 ක් පමණ විවිධ මට්ටමින් හානිවී ඇති බවත් ඇල මාර්ග සළකාබලන විට ඇල මාර්ග 225 කට පමණ හානි සිදුවී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ එල්. එස් සූරියබංඩාර මහතා ප්‍රකාශ කරන ලදී. එසේම අමුණු 8 ක් පමණ හානි සිදුවී ඇති බවත් මේ වන විටත් මාවිල් ආරු ඇතුල් හානි වී ඇති ජලාශ කඩිනමින් සිදු කරමින් පවතින බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන ලදී.
ඉදිරි දින වලදී ඊසාන දිගමෝසම් තත්ත්වය තුළ ඇතිවිය හැකි වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් වාරි පද්ධතිය කළමනාකරණ කරගැනීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 34 ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ විසින් ප්‍රකාශ කරන ලදී. ඒසේම යාන්ඔය දැදුරු ඔය සහ සේනානායක සමුද්‍රය යන ජලාශවල වාන්දොරටු විවෘත කර ජලය අඩු කිරීම සිදු කරනු ලබන බවත් පෙන්වා දෙන ලදී. එබැවින් ගංගාවල ජල මට්ටම් වැඩි වී ඇති බවත් එය ගංවතුර මට්ට්මක් දක්වා වර්ධනය වීමක් එතුලින් සිදු නොවන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ විසින් තවදුරටත් පවසන ලදී. එසේම රටතුල ආහාර සුරක්ෂිතතාව සහතික කරගැනීම සඳහා ජල සම්බත කළමනාරකණය කළ යුතු බවත් පවතින කාලගුණික තත්ත්වය තුළ යම් අවදානම් තත්ත්වයක් පවතීනම් එය කළමනාකරණය කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් දන්වා සිටින ලදී.
News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
Call Center
117+94 112 670 002




