ශ්‍රී ලංකාවේ “ප්‍රාදේශිය ආපදා අවදානම් අවම කිරීමේ සැලසුම් සකස් කිරීම” මඟින් අවශේෂ අවදානම් සඳහා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රති සූදානම වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද නියමු වැඩ සටහනක් පසුගිය දා කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි. කලුතර සහ රත්නපුර දිස්ත්‍රික් සදහා ප්‍රාදේශීය ආපදා අවදානම් අවම කිරීමේ සැලසුම් සකස් කිරීම වෙනුවෙන් පැවති මෙම වැඩමුලුව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමානාකරණ අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමන් සහ ශ්‍රී ලංකා ජපාන තානාපති අකිරා සුගියාමා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමානාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය එස් අමලනාදන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ රත්නපුර සහ කලුතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුලු පිරිසක් මෙම වැඩමුලුව සදහා සහභාගී විය.
ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව සුනාමි ආපදාවෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමේ සර්ව ආගමික වැඩසටහනක් 2018 දෙසැම්බර් 26 දින අද දින රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ බිම් මහලේ දී පැවැත්විය.
ලාංකිකයන් වන අපට සුනාමි යන වචනය අසන්නට ලැබුනේ ද සුනාමි ව්‍යසනයෙන් ලද අමිහිරි අත්දැකීම් වලින් පසුවය. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 06.58 ට සුමාත්‍රා දුපත් ආසන්නයේ සිදුවූ භුමි කම්පාව රික්ටර් පරිමාණ 9.0 ඉක්ම විය. හය එතෙක් ලොව වාර්තා වු තෙවනි විශාලතම භූමි කම්පාව විය. උදෑසන 8.30 ට නැගෙනහිර වෙරළට සුනාමි රළ ලගා විය. දිස්තික්ක 14 ක සුනාමි ආපදාවට මුහුණ දුන් අතර ජීවිත 35,000 ක් අහිමි කර ඇත. කාන්තා, පුරුෂ, ළමා, තරුණ, වැඩිහිඩි සියල්ලම ජාති, ආගම් හෝ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සුනාමි ආපදාවට බිලිවිය.
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මෙම කලාපයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව අනතුරු අගවා ඇත. එසේම මේ වන විටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටින ධීවර ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් නිවේදනය කර ඇත.
The National Safety day was announced as per a cabinet approval on 26th of December and this day is continuously commemorated in every year. On this day people who dead due to the Tsunami are commemorated and many religious activities are conducted.
On this Safety day in 2018, priority will be given to multi religious activities and awareness programme around the country.
ආපදාවට පෙර සුදානම ව්‍යාපෘතිය යටතේ ගංවතුර ආපදා බහුල ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කර ඇති සෙවීම් හා මුදවා ගැනීමේ ඒකක ශක්තිමත් කිරීමේ අරමුණින් බෝට්ටු සදහා එන්ජින් බෙදා දීම ගරු වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (27) වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව ආපදා නිසා සිදුවන ජීවිත සහ දේපල හානි වළක්වා ගැනීම සඳහා ආපදා පෙරසුදානම් කිරීමේ වැඩසටහනක් වශයෙන් ආරම්භ කරන ලද ආපදාවට පෙර සුදානම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ආපදා බහුල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ආපදා පෙරසුදානම් සහ දැනුවත් කිරීම් සහ අවම කිරීම් වයාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ.
News & Events
- කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සඳහා ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවළක් සැකසීම.
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
Call Center
117+94 112 670 002