එළඹෙන ඊසාන දිග මෝසම් ආපදා පෙරසූදානම් හා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකක වෙත ලබා දී ඇති උපදෙස් අනුව පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්න්ධීකරණ කමිටු රැස්වීම් දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය වර්ෂවල දී මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමඟ දිස්ත්‍රිකය තුළ ඇති වූ ආපදා අවස්ථාවලදී පෙරසූදානම් හා හදිසි ප්‍රතිචාර කටයුතු සම්බන්ධ ප්‍රගතිය සහ මුහුණ දීමට සිදු වු ගැටළු පිළිබඳව මෙහි දී සමාලෝචනය කරන ලද අතර ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති සම්බන්ධීකරණ ක්‍රියාවලිය සහ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද, සෙවීම් හා මුදවා ගැනීම් කණ්ඩායම් ස්ථානගත කරනු ලබන ස්ථාන,කඳවුරු කළමනාකරණ, සෞඛ්‍ය පහසුකම් පිළිබඳව මෙහි දී අවධානය යොමු කරන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර - ලුණුගල මාර්ගයේ 13 හන්දියේ සිදු වූ නායයෑම හේතුවෙන් මෙම මාර්ගය වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර නායයාම නිසා මාර්ගයට වැටී ඇති සුනුබුන් ඉවත් කිරීම සිදු කරමින් පවතී. ඊට අමතරව මෙම ස්ථානයේ පවතින අවදානම පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයයේ විශේෂඥ කණ්ඩායමක් අද දින ස්ථානීය පරික්ෂණයක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ විසින් පැවසීය. මෙම විශේෂඥ කමිටු නිර්දේශ මත ඉදිරි කටයුතු සැලසුම් කරන බවත් එතෙක් මෙම මාර්ගය වාහන ධාවන කටයුතු සිදු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදු වන බවත් ඒ මහතා දන්වා සිටින ලදී.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි මෙරට සහකාර නියෝජිත නලින් මුණසිංහ මහතා ඇතුලු නියෝජිත පිරිසක් මාර්තු 27 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ නව ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා හමුවිය.
ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සාමාජික රටක් බවට පත්වූ දා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය යැපුම් ජීවනෝපාය කෘෂිකාර්මික ක්ෂේත්රය ජාතික ආර්ථිකයේ ගතික ආදායම් උපයන නිෂ්පාදන අංශයක් බවට පරිවර්තනය කිරීම සඳහා ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙහි තාක්ෂණික හා උපදේශන සේවා ලබාදීම සිදු කරනු ලබයි. එසේම මන්දපෝෂණය සහ කුසගින්න මැඩපැවැත්වීම සඳහා විිවිධ ක්ෂේත්‍ර යටතේ තාක්ෂණික සහ ද්‍රව්‍යමය ආධාර සැපයීම සිදු කරනු ලබයි. සාමාජීක රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තය, වන වගාව සහ ධීවර ක්ෂේත්රයන් නවීකරණය කිරීමට සහ ශක්තිමත් කිරීමටත් එම ක්ෂේත්‍ර වඩාත් තිරසාර භාවිතයක් තුළින් පාරිසරික් සහ ආපදා අවදානම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද මැදිහත් වේ.
මහාමැතිවරණය පැවැත්වෙන කාලසීමාව ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිසම් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනු ලබයි.
මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති මෙම විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකය 2024.11.12 දින සිට 2024.11.16 දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මැතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක 0113 668032/ 0113 668087/ 0113 668025/ 0113 668026 සහ 0113 668119 යන අංක වෙත දැනුම් දෙන මෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණයට යම් බාධාකාරී තත්ත්වයක් ඇති නම් එම බාධා වළක්වාගැනීම සඳහා මෙම සැලැස්ම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක දැනුවත් කිරීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පසුගිය දා කටයුතු කරන ලදී.
සුනාමි ව්‍යසනයට අප රට ගොදුරුවී වසර 20 ක් සැපිරෙන 2024 වර්ෂයේ ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සුනාමි ආපදාවකට මුහුණදීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, එම ප්‍රතිපත්ති අනුව ප්‍රායෝගිකව කටයුතු කරන පාර්ශවයන් සහ විද්වතුන්, අධ්‍යාපනඥයින් සහ පර්යේෂකයින් ආදී විවිධ පාර්ශව විසින් ගෙන ඇති පියවරයන් පිළිබඳව සොයා බැලීම වෙනුවෙන්ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11/04) දින කොළඹ ගාලුමුවදොර හෝටල්යේ දී පැවැත්විනි.
සුනාමි ආපදාව නිසා ශ්‍රී ලංකාවට සමාජ ආර්ථික සහ පාරිසරික වශයෙන් විශාල බලපෑමක් සිදු වූ බවත් එබැවින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ආපදා පෙරසුදානම, ආපදා අවමකරගැනීම සඳහා වු ක්‍රමවේද සහ ප්‍රතිස්ඨාපන ක්‍රියාවලිය පිළිබදව අවධානය යොමු කිරීමත් ජාතික මට්ටමේ සිය ප්‍රාදේශීය මට්ටම දක්වා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ආරක්ෂක ලේකම් විසින් පෙන්වා දෙන ලදී.
එසේම ආපදා අවදාම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා තාක්ෂණික සහාය සහ සම්පත්නිසි ආකාරයෙන් යෙදවීම වැදගත්කම පෙන්වා දුන් ලේකම්තුමා ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ දී ආපදා ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීම පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබදව අවධාරණය කරන ලදී. එසේම විද්‍යාත්මක සහ තාක්ෂණික නව්‍යකරණ දැනුම භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ලේකමවරයා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ නගර සංවර්ධන ක්‍රියාවලිය තුළ අවදානම කරළමනාකරණ මාර්ගෝපදේශ අනුගමන කිරීමේ අවශ්‍යතාව තවදුරටත් අවධාරණය කරන ලදී.
News & Events
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- මියන්මාරයේ සාර්ථක ආපදා සහන මෙහෙයුමකින් අනතුරුව ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම යළි දිවයිනට
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
Call Center
117+94 112 670 002