Emergency Warnings

rss

Progress Meeting  4

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 29 වන දින ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබන නිලධාරීන් වශයෙන් ඉතා භාරදූර කාර්යභාරයක් ඉටු කරනු ලබන බවත් එබැවින් අධ්‍යක්ෂ ජනෙරාල් වශයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් රාජකාරී ඉටුකිරීමේ දී ඉතා සුහදව කටයුතු කරන බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනෙරාල්වරයා සුහදත්වය සහ රාජකාරීය පටලාව ගත යුතු නැති බව අවධාරණය කරන ලදී.

එසේම සෑම විටම පවතින නීති සහ රීති වලට අනුකූල වෙමින් කටයුකු කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් අතර රාජකාරීයේ දී නීතිය සහ සුහදත්වය පටලවාගත නොගත යුතු බව පෙන්මා දෙන ලදී. නිදහසින් පසු රට ගොඩගැනීම සදහා අවස්ථා හිමි වී ඇති බවත් එම අවස්ථා පැහැර හැරීම නිසා අප සමාජථ ආර්ථික වශයෙන් ගැටලු රාශීයකට මුහුණ දී අැති බවත් පෙන්වා දෙන ලදී. එබැවින් ඉදිරි පරමිපරා කිහිපයකට මෙම රට ගොඩනැගීම භාරදිය යුතු නැති බවත් මේ ලැබී ඇති අවස්ථාව තුළ රාජ්‍ය නිළධාරීන් වශයෙන් රට ගොඩනැගීමේ කාර්යය අප ඉටු කළ යුතු බවත් මෙහි දී අවධාරණය කරන ලදී.

ආපදා කළමනාකණ මධ්‍යස්ථාන සුනාමි ව්‍යසනයෙන් පසු නැවත එවැනි ව්‍යසනය තත්ත්වයක දී සිදුවිය හැකි හානි අවම කරගනිමින් ඉතා හොදින් මුහුණ දීම සඳහා ස්ථාපිත කර ඇති ආයතනය වන බැවින් රට ගොඩනැගීමේ කාර්යභාරය තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වශයෙන් අප විසින් යුතු විශාල කාර්යභාරයක් පවතින බවත් ඒ වගකීම ඉටු කිරීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බවත අවධාරණය කරන ලදී.

UNFP  2025-03-28 at 09.01 1එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත ආචාර්ය දයාන් රණතුංග, මානුෂිය සංවර්ධන විශේෂඥ ආචාර්ය රායි බුනනවෙන්තුරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි නියෝජිත කණ්ඩායමක් මාර්තු 27 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා හමුවිය.

ආපදා කළමනාකරණය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකාර ආයතනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සමීපව කටයුතු කරනු ලබන අතර ඉදිරි වසර තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට අදාලව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මුලික අරමුණ විය.

ඉදිරි වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට අදාලව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛතාවයට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත් කම පිළිබඳව අධ්‍යක්ෂ ජනෙරාල් විසින් අවධානය ලක් කළ අතර අදාළ කාල රාමුව අනුව සැලසුම් කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.

Flood Mitigation 2025 Colombo  2කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගු කාලීනව ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවළක් සැකසීම වෙනුවෙන් ප්‍රාදේශීය මටිටමින් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (3/20) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත් විය.

මාර්තු මස 11 වන දින පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා විසින් ලබාදී ඇති උපදෙස් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සදහා වු වැඩපිළිවෙළක් සකස් කිරීමේ මුලික අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ආපදා අවදානම හදුනාගැනීම, පුර්ව අනතුරු ඇගවීම් පද්ධති සහ අවදානම තක්සේරු කිරීම සහ ඒ අනුව ආපදාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් යටිතල පහසුකම් සහ නාගරීකරණ සැලසුම් ප්‍රවර්ධනය කිරීම අධි ජනගනත්වයක් සහිත නාගරික ප්‍රදේශව වල මහජනතාවට සහ යටිතල පහසුකම් සහ පරිසරයට ආපදාවලින් ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා ඉතා වැදගත් බව මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්වරයා පැවසීය.

DSC 3998 599x400බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ 13 වන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හදාරණු ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්‍රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (03/27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නිරීක්ෂණ චාරිකාවට පළමුව ආපදා අවදානම් කළමනාකරණ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ හදිසි මෙහෙයුම් ක්‍රමවේදය පිළිබද සිද්ධාන්තික දේශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත් වු අතර හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය සහ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය පිළිබඳ සාකච්චාමය සංවාදයක් සිදු කෙරිනි.

කාවන්තිස්ස රජ සමයේ ඇති වු මුහුද ගොඩගැලීම් ව්‍යසනයේ දී ද අප විශ්වාශ මත පදනම් කරගනිමින් කටයුත කර ඇති බවත් ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ දී ගත යුතු පියවර පිළබඳ අනුගමනය කරනු ලබන විද්‍යාත්මක ක්‍රමවේද පිළිබදව අප දැනුවත් වී නොසිටි බවත් පෙන්වා දෙන ලදී. එම තත්ත්වය සුනාමි ආපදා හානි සම්බන්ධව සළකා බැලීමේ දී ද මෙම තත්ත්වය මැනවින් අධ්‍යයනය කළ හැකි බවත් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් සම්පත් කොඩුවේගොඩ මහත පෙන්වා දෙන ලදී.

Ordinary Level Exam 2024  1

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් මෙවර ද සාමාන්‍ය පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාල සියලු අංශ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දි පසුගිය දා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම සැළසුම ක්‍රියාත්මක කිරීම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරන ලදී. ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළවිභාගය කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමග ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත් වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සදහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාල අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079