ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023-2030, පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම සහ ජාතික ආපදා කළමනාකරණ සෑලැස්ම මගින් හදුනාගෙන ඇති ඉලක්ක ලගා කර ගැනීම සඳහා කටයුතු කිරීම සම්බන්ධව පාර්ශවකාර ආයතන අදහස් විමසීමේ වැසටහනක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානයේ වැඩබලන නේවාසික නියෝජිත, අනිටා හර්ෂ් මහත්මිය (Ms. Anita Hirsch) සහභාගීත්වයෙන් පසුගිය 16 වන දින කෝර්ට් යාඩ් මැරියට් (Courtyard by Marriott) හෝටලයේ දී පැවැත් විනි.
ගෝලීය දේශුණික විපර්ශය සහ ආපදා සිදුවීම පිළිබද පරිවර්තනීය ස්වභාවය අවධාරණය කරමින් “වඩ වඩාත් අවිනිශ්චිත ලෝකයක පැවැත්ම සහ සමෘද්ධිය සඳහා සැලැස්මක්” ලෙස ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හදුන්වා දුන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පෙන්වා දුන් අතර මෙම සැලැස්ම මගින් හදුනගෙන ඇති ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. “අපට ආපදා අපගේ සංවර්ධන සිහින කඩාකප්පල් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, පැමිණෙන අභියෝග අවස්ථා බවට පරිවර්තනය කරන ගත හැකි ප්‍රත්‍යස්ථ ප්‍රජාවක් ගොඩනැගීම අපගේ වගකීම බවත් ” ලේකම්වරයා තවදුරටත් අවධාරණය කරන ලදී.
පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ඇලන් වෙනිගා මහතා (Alan Deniega) සහ ශ්‍රී ලංකාවේ පිලිපීන කොන්සල් ජනරාල් හියු ශ්‍රියාල් දිසානායක මහතා ඇතුලු පිලිපීන රාජ්‍යත්‍රාන්තික නිළධාරී කණ්ඩායමක් 2025 ජුනි 06 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙරට ක්‍රියාත්මක කරනු ලබන ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය, තත්කාලීන ආපදා තොරතුරු හුවමාරු ක්‍රමවේද, හදිසි මෙහෙයුම් සහ ආපදා හේතුවෙන් ඇතිවන බලපෑම් යලි යථාතත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ අවබෝධ කරගැනීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
ඒ අනුව ශ්‍රී ලංකාවෙහි ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සහ එහි නෛතික පසුබිම, ආපදා පෙරසුදානම් ක්‍රියාවලිය සහ මහජනතාව දැනුවත් කිරීම, හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය සහ පූර්ව අවදානම් ඇගවීමේ ක්‍රමවේද පිළිබඳ මෙම නියෝජිත පිරිස දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බවත් එබැවින් මෙරට ජීවත්වන සෑම කෙනෙකුගේම ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැවරී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් අධීප තිලකරත්න මහතා ඇතුලු මෙම අවස්ථාවට සහභාගී වූ අධ්‍යක්ෂවරුන් විසින් පෙන්වා දෙන ලදී.
කොරියානු මෙරට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (KOICA) ශ්‍රී ලංකා නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂික හ්වැන්ග් සුං හ්‍යුන් (Hwang Sun Hyun) මහත්මිය ඇතුලු ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් මැයි 22 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, ආපදා පුර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය, තත්කාලීන ආපදා තොරතුරු හුවමාරු ක්‍රමවේද, හදිසි මෙහෙයුම් සහ ආපදා හේතුවෙන් ඇති වන බලපෑඹ් යලි යථාතත්ත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ අවබෝධ කරගැනීම මෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (KOICA) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අතර ආපදා සංනිවේදන ක්‍රමවේද පිළිබද අඛණ්ඩ සහයෝගීතාව ශක්තිමක් කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
දිවයින හරහා සක්‍රීය වී ඇති නිරිත දිග මෝස්ම් තත්ත්වය හේත්වෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (30) නිවේදනය කරඇත.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑලිය සහ මහනුවර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින විට පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එසේම මේ දිනවල දිවයිනේ සෙයු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30-40 දක්වා තරසක තද සුළං පැවැතිය හැකි බව නිවේදනය කර ඇත.
එසේම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද දින (30) වන විට දිස්ත්‍රික්ක 09කට අයත් පවුල් 485කට අයත් පුද්ගලයින් 1,757 ක් පීඩාවට පත් වී ඇත. නිවාස හානි සළකා බැලිමේදී නිවාස 03ක් පුර්ණ වශයෙන් හානිය පත් වී ඇති අතර අර්ධ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 1,757 කි.
නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඇතිවිය හැකි ආපදා කළමනාකරණය කරගැනීම සඳහා ස්ථාපිත යාන්ත්‍රණයෙහි ක්‍රියාකාරීත්වය පරික්ෂාකිරීම සහ කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයක දී මහජනතාවට සිදූ විය හැකි පීඩාවන් අවම කරගැනීම සඳහා ආයතනික වශයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරු අභ්‍යාසයක් සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
අධ්‍යක්ෂ ජනෙරාල්ගේ උපදෙස් පරිදි නිරිත දිග මෝසම් වර්ෂාව බල පෑ හැකි දිස්ත්‍රික්ක වන ගම්පහ, කොළඹ, කළුතර, බදුල්ල, රත්නපුරය, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මුලික කරගනිමින් ක්‍රියාත්මක කරන ලද අභ්‍යාස වැඩසටහන සදහා ජාතික මටිටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා නිළධාරීන් 250 ක් පමණ සහභාගී විය.
News & Events
- ආපදා කළමනාකරණ ජාතික සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් හට ගන්නාගංවතුරපෙරහුරුඅභ්යාසය
Call Center
117+94 112 670 002