அவசர எச்சரிக்கைகள்

rss

Lanslide Drill in rathnapura 10

හදිසි ආපදා අවස්ථාවක දී මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම් හදුනාගැනිම හා තහවුරු කිරීම, ඉදිරි මෝසම් කාලයේදී සහන කටයුතු සඳහා ප්‍රතිචාර දැක්විමට රාජ්‍ය සේවකයින් සජීවීකරණය කිරීම, සහන කටයුතු වල අඩුපාඩු හදුනාගැනීම හා ඒවා නිවරදි කරගැනීම, සහන කටයුතු වල යෙදෙන සේවකයින්ගේ ධාරිතා වර්ධනය කිරීම, ආපදා අවදානම සහිත රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවගේ අවධානය යොමුකර කිරීම සහ හදිසි ආපදාවකදි ප්‍රතිචාර දැක්විමට ජනතාව හුරුකිරීමේ අරමුණින් අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් මත රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බනධීකරණය ඒකකය විසින් සංවිධානය කරන ලද නායයෑම් පෙරහුරු වැඩසටහනක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නායායාම් අවදානම් කලාපය තුළ පිහිටි ගනේගොඩ ග්‍රාමනිලධාරි කොට්ඨාශය තුළ පසුගිය දා පැවැත්විනි.

තෝරාගන්න ලද දින තුළ රත්නපුර දිස්ත්‍රික්කයට අධික වැසි ලැබිය හැකි බවත් ඒ අනුව නායයෑම් ආපදා තත්ත්වයක් ඇති විය හැකි බව උපකල්පනය කරමින් සිදුකරනු ලැබූ සිද්ධි අධ්‍යයනයක් මගින් මෙම ප්‍රායෝගික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් එම ප්‍රදේශ වල සිටින ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමුවීම සුදුසු බව තහවුරු කර දැනුම්දීම, නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන වලට අනුව කටයුතු කරන ආකාරය මෙන්ම රතු නිවේදන අනුව ක්ෂණිකව හදුනාගත් ආරක්ෂිත මාර්ග ඔස්සේ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙතයෑම, පූර්ව අනතුරු ඇඟවීම් නිසි පරිදි ලැබීම් හා දුර්වලතා හදුනා ගැනීම, මහජන නියෝජිතයන්ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම හා අත්දැකීම් හුවමාරුකර ගැනීම, කඳවුරු පවත්වා ගෙන යෑම, සහන කටයුතු ක්‍රියාත්ම කිරීම, තොරතුරු හුවමාරු කර ගැනීම, වාර්තා සකස් කිරීම, ප්‍රතිචාර දැක්වීමේ හා සහන සේවා කටයුතු දියත් කිරීම හා ක්ෂණික අවශ්‍යතා තක්සේරුව සිදුකර වාර්තා කිරීම. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටි හදිසි ආපදා ප්‍රතිචාර මැදිරි පිහිටුවා සියලු කටයුතු මෙහෙයවීම සම්බන්ධීකරණය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළ ක්‍රියාත්මක කරන ලදී.

Alla Wellawaya Road accident drill  3

2025 වර්ෂයේ සැප්තැම්බර් මස 04 වන දින ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිසු වූ රිය අනතුර පිළිබඳව සැප්තැම්බර් මස 16 වන දින පැවති සාකච්ඡාවෙන් පසුව ඇල්ල වැල්ලවාය මාර්ගයේ අවදානම් තත්සේරුවක් සිදු කර අවදානම් සහිත ස්ථානයක් තෝරාගනිමින් රිය අනතුරක දී විපතට පත්වූ වන් බේරාගැනීම සම්බන්ධව ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වීමට තීරණය කරන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ මගපෙන්වීම යටතේ බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ පුර්ණ අධීක්ෂණයෙන් ඌව පළාත් ආණ්ඩුකාරතුමා ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් ඔක්තෝබර් මස 17 දින රිය අනතුරක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී.

 හදිසි ආපදා තත්ත්වයකදී සෙවීම් සහ මුදවාගැනීම්, සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් අතර පවතින සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම, පාර්ශවකරුවන් අතර හා ආයතන මට්ටමේ ශක්තීන්(response capacity) තම තමන්ට තක්සේරු කිරීමට අවස්ථාව ලබාදීම ඉතා අසීරු පරිසරයක සෙවීම් හා මුදවා ගැනීම් වලදී අද්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසීම, ආපදා අවස්ථාවල මෙහෙයුම් පරිසරය තුළ අභ්‍යන්තර සන්නිවේදනය දියුණු කර ගැනිම තුවාලකරුවන් ආරක්ෂිතව එසවිම හා ඉවත් (lifting and shifting) කිරීම කටයුතු වඩා නිවැරදිව සිදුකිරීම තහවුරු කිරීම පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීම සහ නිවැරදි ආකාරයෙන් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම මෙම වැඩසටහන තුළින් අපෙක්ෂා කරන ලදී.

 

Director General

Message from

Major General Sampath Kotuwegoda ndc IG (Retd.)

Director General, Disaster Management Centre (DMC), Sri Lanka

On the occasion of the International Day for Disaster Risk Reduction – 2025

Theme: “Fund Resilience, Not Disasters”

It gives me great pleasure to extend my warm greetings to all officials, partners, and stakeholders as we commemorate the International Day for Disaster Risk Reduction 2025, under the global theme “Fund Resilience, Not Disasters.”

This day, first proclaimed by the United Nations General Assembly in 1989, serves as an important reminder of our shared responsibility to move from a culture of reaction to a culture of prevention, where investment in resilience becomes a key pillar of sustainable development and national security.

As disasters increase in both frequency and intensity, our preparedness, risk reduction, and financing mechanisms must evolve through innovation, collaboration, and sustainable investment. The Disaster Management Centre (Sri Lanka) remains firmly committed to strengthening partnerships across government agencies, academia, the private sector, development partners, and local communities to ensure that no one is left behind when disasters strike.

In doing so, we align our mission with Sri Lanka’s national vision of “Thrive Nation and Beautiful Life,” recognizing that a resilient country is the foundation upon which a thriving nation and a secure future are built.

This year’s theme urges all of us to prioritize funding and resources toward prevention, early warning systems, and community preparedness, rather than focusing solely on post-disaster recovery. By working together, sharing knowledge, and building trust, we can transform our vision of resilience into tangible results that protect lives, livelihoods, and the environment.

I take this opportunity to express my sincere appreciation to all our national and international partners, technical experts, and humanitarian organizations for their continued collaboration and valuable contributions to strengthening Sri Lanka’s disaster resilience.

Let us continue our journey from reaction to prevention, from response to resilience, and collectively build a safer and more sustainable future for all.

Thank you.

Major General Sampath Kotuwegoda ndc IG (Retd.)

Director General

Disaster Management Centre (DMC), Sri Lanka

 

 

 

International DRR Day 2025  11ඔක්තෝබර් 13 වන දින සමරනු ලබන 2025 ජාත්‍යන්තර ආපදා අවදානම් අවම කිරීමේ දිනට (IDDRR) සමගාමීව ජාතික වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (13) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි. අනාගත ව්‍යසනවලින් ප්‍රජා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආපදා වැළැක්වීම, පෙරසූදානම සහ තිරසාර ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැංවීමේ උත්සාහයන් සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳ විද්වද් අවධානය යොමු කරවීමේ අරමුණින් මෙම විද්වද් කථිකාව සංවිධානය කරන ලදී.

ස්වභාවික සහ මිනිසා ගේ සෘජු මැදිහත්වීම හේතුවෙන් ඇතිවන ආපදාවලට ගොදුරුවීම නිසා අහිමි වන ජීවිත, ජීවනෝපාය සහ යටිතල පහසුකම් පිළිබඳව මෙන්ම ආපදා අවදානම අවම කිරීම සදහා ලොව අනුගමන කර ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය පිළිබදව ලෝක අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1989 වර්ෂයේ දී ආපදා අවදානම අවම කිරීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් ඔක්තෝබර් 13 වන දින නම් කර තිබෙන බවත් මෙවර ආපදා අවදානම් අවම කිරීමේ දින තේමාව වන ආපදාවට නොව, ආපදා ප්‍රත්‍යස්ථිතිතාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමු” යන්න ශ්‍රී ලංකාවේ ජාතින දැක්ම හා මනාව ගැලපෙන් බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන තේමාව ශාක්සාත් කරගැනීම සඳහා පාර්ශවකාර ආයතන සහ ප්‍රජාව ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හා එක්ව කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.

WhatsApp Image 2025-09-15 at 1.26.26 PMආපදාවක් හෝ සුරක්ෂිත පාසල් ස්ථාපිත කිරීම ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන සෙන්දායි රාමුව අනුව ප්‍රමුඛතා ගතකොට ඇති අතර තිරසාර සංවර්ධනය ඉලක්ක යටතේ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම සඳහාද අත්‍යාවශ්‍ය වේ.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052