වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය සියලු පාර්ශවකාර ආයතන වල සහභාගීත්වයෙන් “සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” 2018 සැප්තැම්බර් 05 දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක පැවැත්විමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටුයුතු යොදා ඇත. වාරිමාර්ග ජලසම්පත් සහ ආපදා කළමනාකරණ ගරු අමාත්‍ය දුම්න්ද දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ ගරු රාජ්‍ය අමාත්‍ය පාලිත රංග බණ්ඩාර අමාත්‍යතුමාගේ සහ අමාත්‍යාශ ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජනරාල්ගේ සහභාගීත්වයෙන් මෙම සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන පැවැත්වේ.
දිවයිනම ආවරණය වන පරිදි පිහිටා ඇති සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ කුලුණු 77ට අදාලව සංඥා නිකුත් කරන අතර ගාල්ල, අම්පාර, සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සුනාම් ආප දාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් වන්නේ කෙසේද යන්න පිළිබදව ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන් පැවැත්වේ. ඊට සමගාමීව ජාතික සහ අන්තර් ජාතික පරීක්ෂණ මණ්ඩලයක් විසින් සියලු ස්ථරවල වගකීම් සම්මත මෙහෙයුම් පටිපාටි (Standard Operating Procedure) අනුගමනය කරන ආකාරය පරීක්ෂා කෙරේ.
ආපදාවක දී ක්ෂණිකව තීරණ ගැනීම සහ ප්‍රාදේශීය පාර්ශවකාර ආයතන සමග මනා සම්බන්ධීකරණයක් සහිතව ආපදා අවස්ථාවක දී හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා සෑම දිස්ත්‍රික්කයකම හදිසි ප්‍රතිචාර දැක්වීමේ සැළසුම් සකස් කිරීම සහ යාවත්කාලීන කිරීම ආපදා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම එළි දැක්වීම වාරිමාර්ග හා ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වගා ලිං හා පානීය ජලය සපයා ගන්නා ලිං ප්‍රතිසංස්කරණය හා අලුතින් ඉදි කිරීමට රජය මගින් රුපියල් මිලියන 200 ක් වෙන් කර ඇතැයි මෙම අවස්ථාවට සහභාගීවෙමින් වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමන් ප්‍රකාශ කරන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ නියගයෙන් සිදුවන වගාහානී අවමකර ගැනීමට අවශ්‍ය වගා ළිං ඉදි කිරීම, නිසි ප්‍රයෝජනයක් ලබාගත නොහැකි තත්වයට පත්වී ඇති වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීම, නියඟය නිසා ජන ජීවිතයට වන පීඩාව අවම කරගැනීම සදහා පොදු පානීය ළිං ඉදි කිරීම, පවතින පානීය ළිං ප්‍රතිසංස්කරණ සහ සිදී ගිය වැව් ආශ්‍රිතව ළිං ඉදිකිරීම සහ ජල මුලාශ්‍ර ආරක්ෂා කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීම ඇතුලු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවත් එසේම පවතින ජල මුලාශ්‍ර අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය පිළිබදව අමාත්‍යතුමන් අවධාරණය කරන ලදී.
ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන මාතලේ දිස්ත්‍රික් ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් 2018.07.19 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කර ගැනීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීමේ අභිප්‍රාය ඇතිව ආපදා කළමනාකරණය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව සිදුකරනු ලැබේ.
ආපදා කළමනාකරණය සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය. නායයෑම් කළමනාකරණය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යභාරය, ආපදා සහන ලබාදිමේදී පවතින ප්‍රතිපත්ති හා චක්‍රලේඛ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා, ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබද ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද මෙම වැඩසටහනට ඇතුලත් විය.
සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍ය නියෝජනය කරමින් විශේෂ නියෝජිත මණ්ඩලයක් 23.08.2018 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. 2030 තිරසර සංවර්ධනය ඉලක්ක ලගා කරගැනීම, ආපදා වලින් තොර වඩාත් සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සදහා සෙන්දායි රාමුවට අනුගතවෙමින් කටයුතු කිරීම පිළබදව මෙම නියෝජිත මණ්ඩල සැසිය තුළ සාකච්ඡා කෙෙරන අතර මෙම විශේෂ නියෝජිත හමුව 2018 අගෝස්තු 21 දින සිට අගෝස්තු 24 දක්වා කොළඹ දී පැවැත්වේ.
දුපත් රාජ්‍ය වශයෙන් මෙම රටවල පවතින සීමිත සම්පත් භාවිතයේදී තිරසර සංවර්ධනාත්මක සහ ප්‍රත්‍යත්ත ක්‍රමෝපායන් හදුනාගැනීමේ අවශ්‍යතාව, කාලගුණික විපර්යාස, නිරන්තරයෙන් සිදුවන ස්වභාවික ආපදාවල බලපෑමට ලක්වීම නිසා ආර්ථිකයට සිදුවන බලපෑම අවමකරගැනීම වැදගත් කම පිළිබදව මෙම සැසිය තුළ අවදානය යොමුවිය. එසේම 2015 සිට 2030 දක්වා ක්‍රියාත්මක වන සෙන්දායී රාමුව තුලදී සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන්හී කාර්යයභාරය හා ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නියෝජිතයින් දැනුවත් කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය හා ආපදා අවස්ථාවන්හිදී අනුගමනය කරන ලබන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම විශේෂ නියෝජිත පිරිස දැනුවත් කරන ලද අතර ආපදාවට පෙර පැවතිය යුතු පුර්ව සූදානම පිළිබඳව හා සැලසුම් කටයුතු පිළිබඳව මෙන්ම පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලිය පිළිබඳව ද රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනිණි. 2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යවසනය උදාහරණයට ගනිමින් ඉදිරියේදී එවැනි තත්ත්වකදී ක්‍රියාකළ යුතු අයුරු පිළිබඳව වූ විශේෂ වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී.
තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කරන ලද මෙම විශේෂ නියෝජිත මණ්ඩල සැසිය සඳහා වාරිමාර්ග, ජලසම්පත් කළමනාකරණ සහ අපාදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු නිළධාරීන් පිරිසක් එක්විය.
ජුලි මස 03 වන දින සිට 06 වනදා දක්වා මොංගෝලියාවේ පැවති ආසියාතික රටවල ආපදා කළමනාකරණ අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී, ආසියානු පැසිෆික් කලාපය සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ ස්වේච්ඡා බලකායක් නිර්මාණය කිරීම සඳහා වන යෝජනාවක් එතුමන් ඇතුළු පිරිස විසින් ඉදිරිපත් කළ බවත්, 2020 ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන මීලඟ සැසි වාරයේදී ඒ සඳහා වන අනුමැතිය ලැබිය හැකි බවත් වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යතුමා පැවසීය. අමාත්‍යතුමා මේ අදහස් දැක්වූයේ 2018 ජුලි මස 17 වන දින වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
තවද අමාත්‍යාංශය හරහා ඉදිරියේදී සිදු කරනු ලබන සියළුම සංවර්ධන කාර්යයන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යයාල, පළාත් පාලන ආයතන, ඇතුළු අනෙකුත් අදාල සියළුම පාර්ශවයන්ගේ අනුමැතිය මත ක්‍රියාත්මකවීම මගින් ආපදා තත්ත්වයන් පාලනය කිරීමට අවශ්‍යය ක්‍රමවේදයක් සැකසීමට මූලික සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් මූලික කර ගනිමින් හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්ක වීම සඳහා ස්වේච්ඡා බලකායන් පිහිටුවා, ආරක්ෂක අංශයන්හි සහභාගීත්වයෙන් ඔවුන් පුහුණු කිරීමට අවශ්‍යය කටයුතු සලසන බවත් රාජ්‍ය අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේය.
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
அவசர தொடர்புகள்
117+94 112 670 002