Tsunami Symposium - 2024

2004 වර්ෂයේ ඇති වූ ඉන්දියන් සාගර සුනාමි ව්‍යසනය හේතුවෙන් ජීවිත හානි සහ සිදු වූ සමාජ, ආර්ථික සහ පාරිසරික බලපෑම ඉතා විශාල වේ. මෙම තත්ත්වය සලකාබලා ඉදිරියේ දී ඇතිවිය හැකි සුනාමි ව්‍යසනයකදී ජන ජීවිතයට ඇති කරනු ලබන පීඩනය යථාතත්වයට පත්කිරීම සහ සිදුවිය හැකි හානි අවමකර ගැනීමත් අරමුණ කරගනිමින් 2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සෑම වර්ෂයකම නොවැම්බර් 05 වැනි දින ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය වශයෙන් නම් කරන ලදී. 2015 වර්ෂයේ සිට සෑම වර්ෂයකම නොවැම්බර් 05 දිනය සුනාමි ආපදා සුරක්ෂිතාව තහවුරු කර ගැනීම සම්බන්ධව ලෝක අවධානය යොමු කිරීම සඳහා ලොව සෑම රටක්ම කටයුතු කරනු ලබයි.

සුනාමි ව්‍යසනයට අප රට ගොදුරුවී වසර 20 ක් සැපිරෙන 2024 වර්ෂයේ ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සුනාමි ආපදාවකට මුහුණදීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, එම ප්‍රතිපත්ති අනුව ප්‍රායෝගිකව කටයුතු කරන පාර්ශවයන් සහ විද්වතුන්, අධ්‍යාපනඥයින් සහ පර්යේෂකයින් ආදී විවිධ පාර්ශව විසින් ගෙන ඇති පියවරයන් පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් 2024.11.04 වන දින පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සැලසුම් කර ඇත.

2004 සුනාමි ව්‍යසනයේ සිට දශක දෙකක කාලය සීමාව පුරාවට රට තුළ ආපදා ප්‍රත්‍යස්ථාතාව ගොඩනැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාධනීය පසු විපරමක් සිදු කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වේ. එ් අනුව ප්‍රධාන තේමා 04 ක් යටතේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව විද්වත් අදහස්, ක්ෂේත්‍ර තුළ ලද අත්දැකිමි සහ පර්යේෂණ ප්‍රතිඵල ජනගත කිරීම සිදු කරනු ලැබේ.

සුනාමි ආපදා අවදානම සහ පුරෝකථනය කිරීම, සුනාමි ආපදා පුර්ව අනතුරු ඇඟවීම. ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, විශේෂිත අවධානය ලක්කළ යුතු ජන කොටස් සහ සංස්කෘතික විවිධත්වය සළකාබැලීම. අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංචාරක වැනි ක්ෂේත්‍ර තුළ යටිතල පහසුකම් සහ ආයතනික ව්‍යුහයන්හි තිරසාරාත්මකභාවය. සහ ආපදාවකට ඔරොත්තු දිය හැකි ආකාරයේ ආයතනික, පරිපාලන ව්‍යුහයන් සකස් කිරීම සහ ආයතනික පෙරසුදානම මෙම විද්වත් සම්මන්ත්‍රණයේ ප්‍රධාන තේමා වේ.

මෙම සම්මන්ත්‍රණයට මාර්ගගත ක්‍රමය ඔස්සේ මහජනතාවට සම්බන්ධවීමට පහසුකම් සලසා ඇති අතර ඒ සඳහා පහත සබැදිය මගින් ඔබට සම්බන්ධ විය හැක.


https://youtube.com/live/QZTOfDrvPa0?feature=share

Symposium flyer 01

 

Symposium flyer 02

 

Symposium flyer 03

 

Symosium flyer 04

 

 

 

 

 

 

 

 

 

 

Presidential Election 2024 Preparedness Plan  1මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් එම කාල සීමාව තුළ ආපදාවලින් මැතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිසම් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මැතිවරණ පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත නිළ වශයෙන් භාරදීම මැතිවරණ කොමිසම් සභා පරිශ්‍රයේ දී සිදු කරන ලදී. මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණයට යම් බාධාකාරී තත්ත්වයක් ඇති නම් එම බාධා වළක්වාගැනීම සඳහා මෙම සැලැස්ම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහ පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

2024-08-13 Presidential election 2024  2එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර මෙම ජනාධිපතිවරණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී, ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ආපදා කළමනාකරණ වැඩසටහන පිළිබඳව ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අගෝස්තු 13 වන දින පැවැත්විනි.

මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා උපදෙස්වලට අනුකූලව ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී සෑම පුරවැසියෙකුටම තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සහ අවශ්‍ය පහසුකම් සපයන බව මෙහිදී අදහස් දක්වමින් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ඒ සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සූදානම් කරන බව තවදුරටත් පැවසීය.

 

2024-09-11 Exam Ready gearde 05 5මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් විභාගය පැවැත් වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙතුළින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය තුළ දී ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරය වෙන් වෙන් වශයෙන් මෙම සැලසුම තුළ දක්වා ඇත. 

 

Badullaප්‍රාදේශීය වශයෙන් පවතින ආපදා අවදානම හඳුනාගනිමින් එම තත්ත්වයන් අවමකිරීම සඳහා ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් පළාත්පාලන ආයතන සඳහා ප්‍රාදේශීය ආපදා අවදානම් අවමකිරීමේ සැලසුම් සකස් කිරීමේ වැඩසටහන තුළ දී බදුලු ඔය ආශ්‍රිතව පවතින ආපදා අවදානම හදුනාගන්නා ලදී. එසේම මෙම වැඩසටහන තුළ දී බදුලු ඔය ආශ්‍රිතව පවතින ආපදා අවදානම අවම කරගැනීම සඳහා ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජල මුලාශ්‍රයක් වන බදුලු ඔය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව සාකච්ඡා කරන ලදී.

එසේම මානව බලපෑම්වල හේතුවෙන් අවදානමට ලක්වී ඇති බදුලු ඔය සදහා විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් පරිසර හා වන කමිටුවේදී ද අවධාරණය කරන ලදී. එබැවින් බදුලු ඔය ආශ්‍රිතව නිර්මාණයවී ඇති ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සදහා ස්ථිර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ශවකරුවන් සමග විශේෂ සාකච්ජාවක් දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 06 වන දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052