Introduction Training Programme of MOBILISE Platform
The MOBILISE project (www.mobilise-project.org.uk) has been working with DMC over the last two years to establish the foundation for developing a digital platform that can support multi-agency collaboration and decision making in disaster risk management in Sri Lanka.
මුහුදු රළඉහළ යාම සහ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතී
අද (15) දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රළඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබද අවවාධාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. බේරුවල සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.00 සිට 2.50 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයේ සදහන් වේ. එසේම මෙම මුහුදු සීමාව තුළ මුහුද රළුවිය හැකි නිසා මෙම මුහුදු සීමාවේ ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව සැළකිලිමත් වන ලෙස මෙම නිවේදනයේ තවදුටත් පෙන්වා දී ඇත.
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (09) නිවේදනය කර ඇත.
සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු සහ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.
විශේෂයෙන් නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත් අනෙකුත් පළාත් සදහා තරමක අවදානමක් පවතින බවත් මෙම නිවේදනයේ සදහන් වේ.
අකුණු අනතරු වළක්වා ගැනීම පිළිබදව බදුල්ල දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම ජනතාවගේ දැනුම ඉතා අඩු මට්ටමක පැවතීම නිසා අකුණු අනතුරුවලට ලක්වීමේ ප්‍රවනතාවක් පවතින බව ක්ෂේත්‍ර පරීක්ෂාවේ දී අනාවරණය වීම හේතුවෙන් අකුණු අනතුරු වලින් ආරක්ෂාවීම පිලිබඳව තැටිල්ල ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දැනුවත් කිරීමට බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් පසුගිය දා (09) කටයුතු කරන ලදී.
වැල්ලවත්ත ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ ඇතිවු ගින්න පාලනය කිරීම
වැල්ලවත්ත ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ (05) ඊයේ දින වෙළදසැලක ගිනි ගැනීමක් වාර්තා වු අතර මෙම ගින්න හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන කීපයකට අලභ හානී සිදු වී ඇත.
කොළඹ මහ නගර සභාව, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදා ගිණිනිවීමේ ඒකක යුධ හමුදාව සහ පොලීසිය මෙම ගින්න පාලනය කිරීම සදහා සම්බන්ධ විය.
කොළඹ තදාසන්න ප්‍රදේශයක පැවති මෙම ගින්න ව්‍යාප්තවීම වළක්වා ගනිමින් ඇතිවිය හැකි හානිය අවම කරගැනීම සදහා අදාල පාර්ව කාර ආයතන හැකි ඉක්මනින් සම්බන්ධීකරණය සිදු කෙරිණි.
News & Events
- උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම
- “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය.
- ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයට (IOwave 25) සමගාමීව කොළඹ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන
- ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයට (IOwave 25) සමගාමීව යාපනය දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන
- කලුතර දිස්ත්‍රික් ගංවතුර පෙරහුරු වැඩසටහන
அவசர தொடர்புகள்
117+94 112 670 002




