දැඩි සුළගින් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවු හානිය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන ලදී.
අද (17) දින ගාල්ල දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස 45 කට පමණ හානි සිදුවී ඇත. හානියෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අදාල හානි තක්සේරු මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී.
මෙම ආපදා තත්වය නිසා ඇල්පිටිය උතුර (37), ඇල්පිටිය නැගෙනහිර (1), අටකෝට්ටේ(5) සහ ඇල්පිටිය මධ්‍යම(1), යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල නිවාස හානියට පත්වී ඇත. එසේම මෙම සුළං තත්වය නිසා සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 02 කට හානි සිදුවී ඇති අතර යටිතල පහසුකම්වලට ද යම් බල පෑමක් සිදුවී ඇති බැවින් එදි නෙදා ජන ජීවිතවලය යම් බලපෑමක් එල්ල වු අතර අදාල පාර්ෂවකාර ආයතන සහ ත්‍රිවිධ හමුදාව ජනතාව සම්බන්ධීකරණය කරගනිමින් ආපදා හානි යථා තත්වයට පත් කර ගැනීම සදහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය කටයුතු කරන ලදී.
පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබදව ජනතාව විමසිලිමත් වන්න
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවෙිදනය කර ඇත. එය හෙට දින වනවිට දකුණු බෙංගාල බොක්ක දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුළ උතුරට බරව ඊසාන දෙසට හැරී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.
පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයින හරහා හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.
HSBC/APAD Sri Lanka join hands with Disaster Management Centre to combat with COVID
Today (4th), the Disaster Management Centre (DMC) has received several Personal Protection Equipment (PPE) from HSBC Sri Lanka in partnership with A-PAD Sri Lanka, for the use by frontline personnel, engaged in containing the COVID-19 outbreak. The donation includes with coverall dresses along with face and boot covers and face masks, which is a great need for the ongoing operation.
District are getting prepared for adverse weather impacts during South-West Monsoon 2020
Monsoon preparedness is another crucial factor during the ongoing COVID-19 outbreak. Safety of the people including evacuation and hygiene, medical screening to prevent the spreading of the COVID are most essential.
With the directions given by the Disaster Management Centre, all districts are taking adequate preparedness measure to prepare for upcoming monsoon impacts. Today (05), Matara District Secretariat has organized a monsoon preparedness forum to discuss consequences and adequate preparedness measure.
නිරිත දිග මෝසම් ආපදා පෙර සූදානම් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
2020 වර්ෂයේ නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මස තෙවැනි සතියේ ආරම්භවීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති අතර පසුගිය වසර කීපය තුළ මෙන් මෙවර ද නිරිත දිග මෝසම් සක්‍රිය වුවහොත් ගංවතුර නායයාම් සහ දැඩි සුළං ආදී ආපදා ඇතිවිය හැකිය. එසේම වර්තමානයේ රටේ පවතින කෝවිඩ් 19 ව්‍යසන තත්වය සමග නිරිත දිග මෝසම් සක්‍රිය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් විය හැකිය. කෝවිඩ් 19 ව්‍යසන තත්වය සහ ඇදිරි නීති තත්වය සහ සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව ඇතිවිය හැකි ආපදා තත්වය තුළ කටයුතු කළ යුතු වේ.
එහෙයින් නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදා නිසා මහජනතාවගේ ජීවිත සහ දේපළවලට සිදුවිය හැකි හානි අවම කරගැනීමට අදාල දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණය සදහා සම්බන්ධ පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම පිළිබදව සොයා බැලීමට අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් අදාල දිස්ත්‍රික් ඒකක වෙත උපදේස් ලබා දී ඇත. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය දා (30) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ සහ රත්නපුර දිස්ත්‍රින් ලේකම් ගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
News & Events
- කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සඳහා ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවළක් සැකසීම.
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
அவசர தொடர்புகள்
117+94 112 670 002