වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධී හදාරණ ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා වෛද්‍ය නිළධාරීන් සදහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහන 2022.03.14 දින පැවැත්විණි.
රට තුළ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම්දිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් හදිසි ආපදාවක දී එහි බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම සදහා සෙවීම් සහ මුදවාගැනීම් කණ්ඩායම් පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනේ පළමු වැඩසටහන පසුගිය දා ඇඹිලිපිටිය යුධහමුදා ඉංජිනේරු පුහුණු පාසැලේ දී ආරම්භ කරන ලදී.
ගරු විමලවීර දිසානායක අමාත්‍යතුමා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යධුරයේ අද දින රාජකාරි ආරම්භ කිරීම අද (09) දින ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.ආපදාවකින් පසු විපතට පත්වුවන් සදහා සහන සැළසීම, වන්දි ගෙවීම හෝ ආපදාවක් සිදු වු පසු ඒ සදහා විසදුම් සෙවීමට කටයුතු කරන අතර තුර විපතක් සිදුවීම වළක්වා ගැනීමටත් ආපදාවලට අනුවර්නය වී හැකිතාක් දුරට විපත් අවම කරගැනීම සදහා වු පෙරසුදානම ක්‍රියාවලිය සදහා අමාත්‍යාංශයක් වශයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. එසේම ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද ශත්කිමත් පුරවැසියෙක් බිහි කිරීම ආපදා කළමනාකරණ යේ දී අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යතුමා මෙහි දී පෙන්වා දෙන ලදී.
අතිගරු ජනාධිපතිතුමා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපේක්ෂා කරන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සදහා සියලු නිධාරීන්ගේ සහයෝගය සහ කැපවීම අපේක්ෂා කරන බව අමාත්‍යතුමා අවධාරණය කරන ලදී.
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
அவசர தொடர்புகள்
117+94 112 670 002