නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
අද (22) දින නිකුත් කර ඇති කාලගුණවිද්‍ය නිවේදනය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ තද වැසි වාර්තා විය හැකි බවත් වයඹ පළාත තුළ සහ මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කව ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එසේම මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින හරහා දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැක.
පෙර මෝසම් කාලගුණක තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ
බොහෝ ප්‍රදේශවලට මහ වැසි.
ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන පෙර මෝසම් කාලගුණීක තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.
එසේම බස්නාහිර, සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ඉත්ම වූ වර්ෂාවක් ලැබිය හැකි බව අවවාදාත්මක නිවේදනයක් මගින් දක්වා ඇත. එසේම සබරගමුව පළාත සහ ගාල්ල මාතර, මහනුවර, නුවරඑලිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සදහා මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනය කර ඇති අතර මෙම තත්වය ඉදිරි දින කීපය තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනෙරාල් උදය හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි මස 15 වන දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගිය වසරවල නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් එලැඹෙන මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.
එසේම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්ක සදහා මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව නිවේදනය කර ඇති අතර මෙම තත්වය ඉදිරි දින කීපය තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. ඊට අමතරව කල්පිටිය සිට කොළව ගාල්ල හම්බන්තොට හරහා මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා වැඩිවිය හැකි බවත් නිවේදනය කර ඇත. තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවාදානම් අනතුරු ඇගවීම් පිළිබදව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී.
බහු-උපද්‍ර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම, ආපදා පෙර සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ ආපදා හේතුවෙන් ඇති විය හැකි බලපෑම් අවම කිරීම සදහා වු පරිසරයක් නිර්මාණය කිරීම සහ එවැනි ක්‍රමවේද ශක්තිමත් කිරීම සදහා පවතින ආපදා අවදානම ප්‍රමාණාත්මකව අවම කිරීම සදහා තීරණාත්මක අවශ්‍යතාවයකි.
කලාපීය රටවල ආපදා අවදානම් කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණ ඇතිව බංලගලාදේශ රාජතාන්ත්‍රික නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම පසුගිය දා සිදු කෙරිණි. බංගලාදේශ ආපදා කළමනාකරණ සහ සහන අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් කම්රුල් හසන් මහතා (Mohamed Kamrul Hasan) ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගී විය.
News & Events
- නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන කළාපයක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අයහපත් කාලගුණික තත්ත්වයක්.
- අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් ස්වභාවික ව්‍යසනවලට හේතුවයි. නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරින්ගේ වගකීමයි.
- උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ගංගාද්‍රෝණි 12 ක් සඳහා ගංවතුර අවදානම් පුර්ව දැනුම්දීමක්.
- ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමට පෙර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම්.
- පස්සර - ලුණුගල මාර්ගයේ 13 හන්දියේ සිදු වූ නායයෑම හේතුවෙන් ඇති වී ඇති මාර්ග අවහිරතා ඉවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්.
அவசர தொடர்புகள்
117+94 112 670 002