ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇත.
ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය ඉදිරි පැය 12 ක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් ඊළග පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා ත් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) දින නිවේදනය කර ඇත.
මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කරමින් මඩකලපුව සහ මුලතිව් අතරින් වෙත දෙසැම්බර් මස 02 වැනි බදාදා දින සවස් කාලයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශට ඇතුලු වනු ඇති බව තවදුරටත් එම නිවේදනයේ සදහන් වේ.
මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80 - 100 පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත.
මේ හේතුවෙන් කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකෙන ලෙස දැනුම් දී ඇත. එසේම දැනට මෙම ප්‍රදේශවලින් මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රා හැකි ඉක්කමනින් ගොඩබිමට පැමිණෙන හෝ ආරක්ෂිත කලාපයකට ගමන් කරන ලෙසත් ධීවර ජනතාවට දැනුම් දේ.
එසේම දෙසැම්බර් දෙවැනි දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිවේදනයේ සදහන් කර ඇත.
මඩකලපුව සිට මුලතිව් දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 02 සිට මීටර් 03 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශවලට පැමිණිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකිය. ඒ අනුව දෙසැම්බර් 01 දින උතුරු, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත් වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 අතර විය හැකි අතර දෙසැම්බර් දෙවැනි සහ තුන්වන දිනයන් හි උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය පැයට කිලෝටීමර් 80 සිට 100 දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වලට මිලිමිටර් 150 ඉක්ව වු වැසි බලාපොරෝත්තු විය හැකි බවත් සෙසු පළාත් වලද තද වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදන.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්.
දිවයිනට ගිණිකොණ දිග බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 24 ක කාලය තුළ මෙම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වාත් ඉදිරි පැය 48 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) දින නිවේදනය කර ඇත.
මෙම අඩුපීඩන පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 වන දින වනවිට දිවයිනේ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශ වෙත ලගා වනු ඇති බව තවදුරටත් බලාපොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන වල දත්තයන්ට අනුව මේ දින වල ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව වාර්තා කර ඇත.
ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝම්බර් 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ඒ පිළිබද දැනුවත් කිරීම් කිරීමට බලාපොරොත්තු වන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ යන තනතුරුවල රාජකාරී ආවරණය කිරීම සදහා පත්කර ඇත.
ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාවීම අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක් අද (13) දින පැවැත්විනි.
එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) මග පෙන්වීම සහ තාක්ෂණීක සම්බන්ධීකරණය යටතේ කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනේ 2020 ඔත්තෝබර් 13 දින පැවැත්විය. කොවිඩ් 19 ව්‍යසන තත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මඩකලපුව, ත්‍රිකුණාමලය, කලුතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක් (Table Top Exercise) වශයෙන් මෙම පෙර හුරුව පවත් වන ලදී.
News & Events
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර ජනතාවට රතු නිවේදනය නිකුත් කරයි.
- ගිණිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කළාප හේතුවෙන් ඉදිරියේ දී දිවයිනට වැසි සහිත කාලගුණික තත්වයක්. ධීවර ජනතාවට රතු නිවේදනයක්.
- කැළණිය විශ්වවිද්‍යාලයෙහි පරිසර කළමනාකරණය සහ සංකරක්ෂණය පිළිබද උපාධි අපේක්ෂක සිසුන් දැනුවත් කිරීම
- කොළඹ නගර මහ නගර සභා ප්‍රජා මුල්තැන්ගෙය වැඩසටහන සඳහා අධාර ලබාදීම
- මහාරාජා කළමනාකරණ ආයතනයේ විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව හදාරණ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීම.
அவசர தொடர்புகள்
117+94 112 670 002