සුනාම් ආපදාවක දී ඉන්දීය සාගර කලාපයේ රටවල ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම සදහා ස්ථාපිත කර ඇති ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය (IOTWMS) කලාපීය වශයෙන් සුනාමි ආපදාවක දී ඒ ඒ රවටල්වල පවතින පෙරසුදානම වාර්ෂිකව පරීක්ෂා කරනු ලබයි. ඒ අනුව සුනාමි ආපදාවක දී ජනතාවට පුර්ව අනතුරු ඇගවීම සදහා ස්ථාපිත කර ඇති අනතුරු ඇගවීමේ සංනිවේදන පද්ධතිවල කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමේ කලාපීය වැඩසටහනක් අද දින (08) පෙරවරු 11.30 සිට පස්වරු 12.15 දක්වා කාලය තුළ කලාපීය මට්ටමින් පැවැත්විණි.
ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය හා සම්බන්ධ කටයුතු කරන සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ද මෙම පෙරහුරු වැඩ සටහනට සහභාගී වූ අතර අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනට ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු ජාතික මට්ටමේ පාර්ශවකාර ආයතනවල හා සියලුම වෙරළබඩ දිස්ත්‍රික්කවල ස්ථාපිත කර ඇති සංනිවේදන පද්ධතිවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30 ට ඉන්දුනීසියා උතුරු සුමාත්‍රා දිවයින ආසන්නයේ රික්ටර් මාපක 9.2 ක භූමිකම්පාවක් සිදු වේ යැයි උපකල්පනය කරමින් මෙම පෙරහුරු වැඩ සටහන පැවැත් වුණු අතර සුනාමි ආපදා තත්වයක දී සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටි අනුව ඒ ඒ ස්ථරවල වගකීම් සහ ක්‍රියාකළ යුතුර ආකාරය, සංනිවේදන පද්ධති සහ පුර්ව අනතුරු ඇගවීම් ක්‍රමවේද ක්‍රියාකාරීත්වය හා කාර්යක්ෂමතාවය පරීක්ෂා කිරීම මෙමගින් සිදු කරන ලදී.
සැබැවින් ම ඇතිවිය හැකි ආපදාතත්වයක දී සිදුවිය හැකි අඩුපාඩු අවම කර ගනිමින් ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිතාව තහවුරු කිරීම මෙවැනි පෙරහුරු අභ්‍යාස සංවිධානය කිරීම තුළින් අපේක්ෂා කෙරේ.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ අංශයෙහි වත්මන් පරිපාලනය, ක්‍රියාකාරීත්වයන් සහ ඉදිරි සැලසුම් අද දින (2022.06.03) උදෑසන අධීක්ෂණයට ලක් කරන ලදි. මෙම සාකච්ඡාව ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණ අතර, මේ සඳහා ආපදා කළමනාකරණ අංශයෙහි සියලූම ආයතන ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් සහභාගී විය.
Disaster Management Centre (DMC) in partnership with A-PAD and HSBC coordinated and channeled vital and essential medicines to the ministry of Health to overcome the severe shortage in pharmaceuticals.
The aid was prioritized in order to bridge the gaps of the cardiovascular diseases, Oncology, Anesthesia, Osteoporosis and Bone Density related issues of public sector hospitals. The Ministry of Health will administer careful and responsible distribution of the purchased medicines to hospitals on a priority basis and the DMC vouches accountability of the state towards this initiative.
පවතින ආපදා අවදානම් කාරීතත්වය ක්‍රමයෙන් පහව ගිය ද ආපදා අවදානම් ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් තවදුරටත් ස්ථාන ගතකර තිබෙන බවත් ඩෙංගු රෝගී තත්වය ක්‍රමයෙන් පැතිරී යාමේ අවදානමක් පවතින බැවින් ඔබගේ නිවස අවට මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙම්න් පැවසීය.
එසේම පසුගිය දින කීපය තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ආපදා තත්වය නිසා දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 43 ක පවුල් 5,357 කට අයත් පුද්ගලයින් 22,338 ක් බල පෑමට ලක් වී ඇති බවත් නිවාස 174 කට අර්ධ හානි සිදු වී ඇති බවත් කණ්ඩි කඩාවැඩීම් 130 ක් සහ ඉවුරු කඩාවැටීම් 38 ක් සහ අවාසනාවන්ත ලෙස එක් මරණයක් වාර්තා වී ඇති බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.
ඊයේ දින (31) පැවති අයහපත් කාලගුණික තත්වය නිසා රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්, විභාග මධ්‍යස්ථාන රාජකාරී වල යෙදෙන නිළධාරීන් හට මුහුණ පෑමට සිදු වු දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැනීමට කටයුතු කරන ලදී.
News & Events
- ආපදා පුර්වසුදානම් ක්‍රියාමාර්ග ශක්තිමක් කිරීම සදහා වු අපේක්ෂාකාරී ක්‍රියාමාර්ග ප්‍රවේශය(anticipatory action) පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
அவசர தொடர்புகள்
117+94 112 670 002