පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මේ වන විට (24) දිස්ත්‍රික් 19 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්වයක් උද්ගත වී ඇත. මෙම දිස්ත්‍රික්ක 19 තුළ පවුල් 31,822 ක 124,733 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 12 ක් වේ.
ආපදා හේතුවෙන් නිවාස 43 ක පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 3,172 ක් අර්ධ වහයෙන් හානි වී ඇත. 2018.05.24 0900 පැයට වාර්තාවන අන්දමට පවුල් 14,500 ක 56472 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 246 ක තාවකාලිකව රදවා ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2018.05.24 වන දින පෙ.ව.06.30ට නිකුත් කරන ලද වාර්තාවට අනුව කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍යය තත්ත්වයට පත්ව ඇත. නාගලන්වීදිය ජල මාපකයන් ආශ්රිත ප්‍රදේශ අවදානම් මට්ටමේ පවතී.නෝර්වුඩ් මාපකයේ අවදානම් මට්ටමට පැමිණ ඇත. කඵ ගඟ රත්නපුර, ඇල්ලගාව හා පුටුපවුල ප්‍රදේශයේ ගංවතුර තරමක් අඩු වෙමින් පවතී. නිල්වලා ගඟේ පානදුගම ආශ්රිත ගංවතුර අඩු වෙමින් පවතී. අත්තනුගලු ඔය දූනමලේ ප්‍රදේශ ගංවතුර අඩු වෙමින් පවතී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 2018.05.23 පස්වරු 16.00 වාර්ථාවට අනුව රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කඵතර හා ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නාය යෑම්, බෑම් කඩා වැටිම්, ගල් පෙරලීම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.
එසේම බදුල්ල, කුරුණෑගල, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා නාය යෑම්, බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලීම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ විමසිලිමත් වීම පිළිබඳ නිවේදන නිකුත් කර ඇත.
කුකුලේ ගඟ ජලාශය(වාන් දොරටු 01ක්) උඩවලව ජලාශය (වාන් දොරටු 01ක්) ලක්ෂපාන ජලාශය(වාන් දොරටු 01ක්) දැදුරු ඔය(වාන් දොරටු 02 ක්) රාජාංගනය ජලාශය ( වාන් දොරටු 02ක්) සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇත.
අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාවට අවශ්යා සොයාබැලීම සදහා වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමා රත්නපුර දිසුත්රික්කයේ නීරීක්ෂණය කරන ලදී.
පවතින අයහපක් කාලගුණය තත්වය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික් 14 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්වයක් උද්ගත වී ඇත. මෙම දිස්ත්‍රික්ක 14 තුළ පවුල් 18,079 ක 68,343 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 09 ක් වේ. අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබද නිරන්තරයෙන් ජනතාව දැනුවත් කෙරෙන නමුුත් 04 දෙනෙකු මිය ගොස් ඇත්තේ අකුණු අනතුරු හේතුවෙනි.
ආපදා හේතුවෙන් නිවාස 25 ක පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,464 ක් අර්ධ වහයෙන් හානි වී ඇත. 2018.05.22 1600 පැයට වාර්තාවන අන්දමට පවුල් 6,710 ක 24187 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 168 ක තාවකාලිකව රදවා ඇත.
ඉදිරියේදී නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කරලීම මගින් ජනතාව හා දේපල සුරක්ෂිත කර ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පැවැත්වීමට නියමිත ආපදාවට පෙර සූදානම - දෙසති වැඩසටහන පිළිබඳව මාධ්‍යය ආයතන දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2018.05.17 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
News & Events
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර ජනතාවට රතු නිවේදනය නිකුත් කරයි.
- ගිණිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කළාප හේතුවෙන් ඉදිරියේ දී දිවයිනට වැසි සහිත කාලගුණික තත්වයක්. ධීවර ජනතාවට රතු නිවේදනයක්.
- කැළණිය විශ්වවිද්‍යාලයෙහි පරිසර කළමනාකරණය සහ සංකරක්ෂණය පිළිබද උපාධි අපේක්ෂක සිසුන් දැනුවත් කිරීම
- කොළඹ නගර මහ නගර සභා ප්‍රජා මුල්තැන්ගෙය වැඩසටහන සඳහා අධාර ලබාදීම
- මහාරාජා කළමනාකරණ ආයතනයේ විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව හදාරණ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීම.
හදිසි ඇමතුම්
117+94 112 670 002