පළමු අන්තර් මෝසම් කාලසීමාව වන මාර්තු සිට අප්‍රේල් දක්වා කාලසීමාට තුළ අපට අකුණු අනතුරු බහුලව වාර්තාවන කාලසීමාවක් වන බැවින් අප අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කළ යුතු වන අතර මේ දිනවල බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මොනරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පස් කණ්ඩි කඩාවැටීම හේතුවෙන් පසුගිය දින බදුල්ල සහ හාලිඇල අතර ඇති 179/60 සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගය අවහිර වු අතර මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට හාලිඇල දක්වා දුම්රිය ගමනා ගමනය අඩාල විය. මේ හේතුවෙන් උඩරට දුම්රිය භාවිතා කරනු ලබන දෙස් විදෙස් සංචාරකයින් හට මුහුණදීමට සිදුවිය හැකි බාධා මගහැරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුධහමුදාව සම්බන්ධීකරණය කරගනිමින් කඩිනමින් දුම්රිය මාර්ගය යථාවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කාර්යාලය ශ්‍රී ලංකා යුධහමුදා 2 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකායේ බටපිරිස්, දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් එක්ව දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කළ අතර මෙම සම්බන්ධීකරණ ක්‍රියාවලිය නිසා ඉතාමක් ඉක්මනින් ඉක්මනින් දුම්රිය ගමනාගමනය නැවත ආරම්භ හැකි විය.
මේ දිනවල රට තුළ පවතින අධීක උණුසුම් තත්වය (Heat Index) පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (24) අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. මෙම නිවේදනයට අනුව වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ශරීරයට දැණෙන උණුසුම ඉහළ අගයක් අතර අගයක් වාර්තාවිය හැකි බව සදහන් වේ.
දැඩි උණුසුම්කාරී තත්වය හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
පවතින වියලි කාලගුණික තත්වය හමුවේ පෙබරවාරි දින 25 දින වන විට දිස්ත්‍රික්ක 12 ක කැලෑගිණි ගැනීම් 49 ක් පමණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට වාර්තා වී ඇත. දිස්ත්‍රික් වශයෙන් ගත් විට මහනුවර (11), බදුල්ල(9), මාතලේ(7), ගම්පහ(4), කෑගල්ල(4), රත්නපුර(4) සහ නුවරඑළිය(4) යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ගිණිගැනීම් තත්ත්වයන් වාර්තාවී ඇත.
මෙම සිදුවීම් පරීක්ෂා කිරීමේ දී බොහෝ ගිණිගැනීම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ඒවා බව නිරීක්ෂණය වී ඇති අතර ගිනි ගැනීම් සඳහා බලපාන ලද හේතු සළකාබැලීමේ දී හේන් ගොවිතැන් සදහා බිම් සකස් කිරීම, සත්ව පාලනය සදහා තෘණ දලුලෑම සදහා වියලි තණ බිම් ගිණිතැබීම, සතුන් දඩයම් කිරීම සදහා තෘණ වියලි කැලෑබද ප්‍රදේශ ගිණිතැබීම, සංචාරකයින් විසින් සිදුකරනු ලබන ගිනී තැබීම්,මාර්ග දෙපස පවිත්‍ර කිරීම සදහා සිදු කරනු ලබන ගිණි තැබීම්, මිනිසුන් හිතාමතා සිදු කරනු ලබන ගිණි තැබීම් නිසා මෙම ගිනි ඇතිවී තිබෙන ගිණි ගැනීම් බව හදුනාගෙන තිබේ. නමුත් මෙම ගිනිතැබීම් සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස් හදුනාගැනීම අපහසු වී ඇත.
මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන වලට අද දින වන විට (1/21) අනුව දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 127 ක පවුල් 5821 කට අයත් පුද්ගලයන් 19032ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි. ආපදාවෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 17ක් පවත්වාගෙන යන අතර, සුරක්ෂිත මධ්‍යස්ථාන වල රඳවා සිටින පිරිස සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම වියළි හා පිසූ ආහාර සලාක ලබා දීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති අතර, පූර්ණ නිවාස හානි 10ක්, සුළු හෝ අර්ධ නිවාස හානි 438ක් මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 25ක් හා වැදගත් යටිතල පහසුකම් 2ක් ද හානියට ලක් වී ඇති බව වාර්තා වී ඇත.
News & Events
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් හට ගන්නාගංවතුරපෙරහුරුඅභ්යාසය
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
හදිසි ඇමතුම්
117+94 112 670 002