වායුගෝලීය අයහපත් තත්වය පිළිබද නිරන්තර අවධානය යොමුකරනවා.
පවතින වායුගෝළීය අයහපත් තත්වය පිළිබදව නිරන්තරයෙන් අදාල කාක්ෂණික ආයතන සමග සම්බන්ධීකරණය පවත්වාගෙන යමින් අදාල තත්වයන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද දින පැවති ප්‍රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා මේ බව පැවසීය.
වායුගෝලීය දුෂණ තත්වය පහවගොස් ඇති හෙයින් සුපුරුදු ආකාරයෙන් කටයුතු කළ හැක
දැනට වායුගෝලයේ පවතින්නා අහිකර තත්වය පහව යනු ඇති බව තාක්ෂණික ආයතන විසින් දන්වා තිබෙන බවත් එසේ වුවත් වායු ගෝලය තුළ මෙවැනි අහිතකර තත්වයන් ඇති වුවහොත් ස්වසන පද්ධතිය ආශ්‍රිත ආසාධන ඇතිවිය හැකි බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන මහතා අද දින (07) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.
අවදානම් නිවේදන අනුව කටයුතු කරන්න
පැවති අධික වර්ෂාව හේතුවෙන් කදු බැවුම් අස්ථාවර වීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බැවින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වල්ලාවිට, මතුගම, අගලවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොධ්ධාශසවලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව සහ බද්දේගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව එම ප්‍රෙද්ශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් විය යුතු බවට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය .
පවතින වායුගෝලීය අයහපත් තත්වය ක්‍රමිකව අඩුවී ඇත.
පසුගිය දින කීපය තුල දී සාමාන්‍ය වායුගෝලයේ පවතින කුඩාම අංශු ප්‍රමාණය සැලිය යුතු මට්ටමකින් වැඩිවී තිබු බවත් එය ක්‍රමිකව අඩුවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද (07) දින පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සම්බන්ධවෙමින් ඒ බව පෙන්වා දෙන ලදී.
රට තුළ ස්ථානීය වශයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව වායු තත්ව දර්ශකය ඉහළ 150 ක තරම් ඉහළ අගයක් පෙන්නුම් කර ඇත. එය මිනිස් සිරුරට අහිතකර විය හැක. මිනිස් සිරුරට හිතකර මට්ටමට දක්වා එනම් වායු තත්ව දර්ශකය අඩු මට්ටමකට පැමිණෙමින් පවතින බවත් දර්ශක අගය මේවන විට (07) 50-100 ත් අතර මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. වායු තත්ව දර්ශකය 50 වඩා අඩු මට්ටමක පවතීනම් එය ජීවත්වීමට යෝග්‍ය වායු ගෝලීය තත්වයක් බවත් 50 – 100 ත් අතර අගයක් ගනීනම් එය තරමක් සාමාන්‍ය මට්ටම ලෙසත් දර්ශක අගය 100 වඩා වැඩිනම් ස්වසන ආබාධ ඇති අයට අපහසු වන බවත් දර්ශක අගය 150 ට වැඩි නම් සාමාන්‍ය අයට ද යම් සංකූලතා ඇති විය හැකි බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඉහළ වායුගෝලිය සුළං හේතුවෙන් අප පැමිණෙ සුළං ධාරාවල පවතින අංශුමය ද්‍රව්‍ය සහ අපගේ පරිසරයේ පවතින අංශුමය ද්‍රව්‍ය හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වී ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. නමුත් ඒ සදහා බල පෑ කාරණය නිශ්චිතවම පැවසිය නොහැකි බවත් තවදුරතට ඒ පිළිබදව නිරන්තරයෙන් පරීක්ෂණ පවත් වන බවත් පෙන්වා දෙන ලදී.
ඉදිරි දින දෙක තුළ වැසි තත්වය අඩුවීමක් බලාපොරොත්තුවිය හැක
ඊයේ දින තෙක් දකුණ,රත්නපුර,හංවැල්ල හා කඵතර යන ප්‍රදේශ වලට සාමන්‍ය මි.මී 150 කට ආසන්න වැසි වාර්තා වුණු අතර ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශ වලට මි.මී 150 ත් 200 ක් පමණ වඩා වැඩි වර්ෂා පතනයක් වාර්තා වී ඇත. බස්නාහිර හා දකුණු පලාත්වල පවතින තද වැසි අද රාත්‍රියෙන් පසුව ක්‍රමයෙන් අඩුවන ලකුණු ඇති අතර තාවකාලික අඩුවුවද ඉදිරියේ දී අන්තර් මෝසම් කාලගුණය නිසාවෙන් හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
News & Events
- ජනාධිතපතිවරණ කාලසීමාව තුළ විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්
- මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
- බදුලු ඔය ආශ්‍රිත ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සඳහා ස්ථිරසාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාර්ශවකරුවන් අතර විශේෂ සාකච්ජාවක්.
- නිරිතදිග මෝසම් ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ජන ජීවිතය යලි නගාසිටුවීමට සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම සඳහා ආධාර.
Call Center
117+94 112 670 002