Emergency Warnings

rss


APP regional Meeting  20කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන ආසියානු රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තිරසර සහයෝගීතාව තුළින් ජාතික පෙරසූදානම් හවුල්කාරිත්වයන්ගේ අනාගතය දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කරන ලද ආසියානු පෙරසූදානම් සහයෝගිතාවයේ කලාපීය සමුළුව කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පසු ගිය දා පැවැත්විනි.

දේශගුණික විපර්යාස සිදු කරනු ලබන බලපෑම සහ ඊට ඔරොත්තුදීමේ වැදගත්කම අවධාරණය කරමින්, දුෂ්කරතා විඳදරාගන්නා ප්‍රජා අත්දැකීම් පෙන්වාදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාව මුහුණ දෙන අඛණ්ඩ අභියෝග පිළිබඳව මෙම ප්‍රතිපත්තිමය සාකච්ඡාවට සහභාගී වෙමින් විදේශ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමන්ද්‍ර මහතා අවධාරණය කරන ලදී. ආපදා පෙරසූදානම සහ ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලිය තුළ ප්‍රජා-මූලික ප්‍රවේශ සවිබලගැන්වීම, ප්‍රාදේශීය නායකත්වය සහ දේශීය දැනුම ඒකාබද්ධ කිරීම සඳහා පෙනී සිටීමේ වැදගත්කම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙහිදී අවධාරණය කරන ලදී.

එසේම වඩාත් ප්‍රත්‍යස්ථ සමාජයක් ගොඩනැගීම සඳහා ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව, කලාපීය දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම සහ ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගවල වැදගත්කම ආමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.
ජාතික ආරක්‍ෂාව සඳහා ආපදා අවදානම් අවම කිරීමේ සහ දේශගුණික ඔරොත්තුදීමේ තීරණාත්මක කාර්යභාරය, ස්වාභාවික හේතුන් මත හා මිනිසා විසින් නිර්මාණය කරන ලද උපද්‍රව ආර්ථික ස්ථාවරත්වයට සහ සංවර්ධනයට බරපතල අභියෝග එල්ල කරන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

 

Grade 05 Schoolarship  10අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පෙනී සිටින සිසු දරුවන් හට මුහුණු දීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම පිළිබඳව අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙතුළින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය තුළ දී ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරයයන් පිළිබදව දැනුවත් කිරීමත් සිදු කරන ලදී. එ් අනුව විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඒකක විවෘතව තැබෙන අතර ආපදා හේතුවෙන් යම් බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට දැනුම් දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබාගක හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කර ඇත.

 

Adventure Programme 2025 23 13 11zonලෝක ආහාර සංවිධානෙයෙහි මුල්‍ය සහයෝගය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ සේවය කරනු ලබන සෑම ස්ථරයකම නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද තෙදින නේවාසික පුහුණු වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී. අදියර 04 ක් යටතේ පැවැත් වෙන මෙම වැඩසටහනෙහි පළමු අදියර පසුගිය දා කිතුල්ගල Adventure Base Camp හි දී පැවැත්විනි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන සියලුම නිළධාරීන් මෙම වැඩසටහනට සහභාගී කරවීමට සැලසුම් කර ඇති අතර ව්‍යසන අවස්ථාවක දී තීරණ ගැනීම, කණ්ඩායම් සම්බන්ධීකරණය, අවිනිශ්චිතතාවයන් හමුවේ සන්සුන්ව කටයුතු කිරීම මෙන්ම ආපදා කළමනාකරණය පිළිබඳ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

ආපදා කළමනාකරණය වඩාත්ම අභියෝගාත්මක එමෙන්ම මහජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම මෙන්ම රට තුළ අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම අපගේ මුලික වගකීම බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොඩුවේගොඩ මහතා පෙන්වා දෙන ලදී.

 

2025.07.02 Global Platform for DRR 2025  4The eighth session of the Global Platform for Disaster Risk Reduction (GP2025) was held from June 2 to 6, 2025, in Geneva, Switzerland, bringing together global leaders, policymakers, practitioners, and stakeholders to advance collective strategies for reducing disaster risks and enhancing resilience. Sri Lanka was represented by a national delegation led by Major General (Retd) Sampath Kotuwegoda, Director General of the Disaster Management Centre.

The overarching theme of GP2025, “Prioritizing gender equality, accessibility, and inclusion to leave no one behind”, was emphasized throughout all segments of the event — from preparatory meetings and high-level plenaries to learning labs and side events. The platform underscored that while disasters impact all communities, their effects are disproportionately borne by vulnerable populations, including women, persons with disabilities, older persons, and marginalized groups.

GP2025 placed inclusion at the heart of resilience-building and reaffirmed that effective disaster risk reduction (DRR) strategies must address the diverse and evolving needs of all sectors of society. The sessions highlighted the importance of inclusive policy frameworks, community engagement, and adaptive systems that ensure equitable participation in prevention, preparedness, response, and recovery efforts.

Sri Lanka’s active engagement at GP2025 reinforced the country's commitment to aligning with global DRR frameworks, particularly the Sendai Framework, and to ensuring that no one is left behind in building a safer, more resilient future for all.

2025.07.02 Global Platform for DRR 2025  52025.07.02 Global Platform for DRR 2025  32025.07.02 Global Platform for DRR 2025  2

 

NDMP Sensidization   5

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023-2030, පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම සහ ජාතික ආපදා කළමනාකරණ සෑලැස්ම මගින් හදුනාගෙන ඇති ඉලක්ක ලගා කර ගැනීම සඳහා කටයුතු කිරීම සම්බන්ධව පාර්ශවකාර ආයතන අදහස් විමසීමේ වැසටහනක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානයේ වැඩබලන නේවාසික නියෝජිත, අනිටා හර්ෂ් මහත්මිය (Ms. Anita Hirsch) සහභාගීත්වයෙන් පසුගිය 16 වන දින කෝර්ට් යාඩ් මැරියට් (Courtyard by Marriott) හෝටලයේ දී පැවැත් විනි.

ගෝලීය දේශුණික විපර්ශය සහ ආපදා සිදුවීම පිළිබද පරිවර්තනීය ස්වභාවය අවධාරණය කරමින් “වඩ වඩාත් අවිනිශ්චිත ලෝකයක පැවැත්ම සහ සමෘද්ධිය සඳහා සැලැස්මක්” ලෙස ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හදුන්වා දුන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පෙන්වා දුන් අතර මෙම සැලැස්ම මගින් හදුනගෙන ඇති ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. “අපට ආපදා අපගේ සංවර්ධන සිහින කඩාකප්පල් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, පැමිණෙන අභියෝග අවස්ථා බවට පරිවර්තනය කරන ගත හැකි ප්‍රත්‍යස්ථ ප්‍රජාවක් ගොඩනැගීම අපගේ වගකීම බවත් ” ලේකම්වරයා තවදුරටත් අවධාරණය කරන ලදී.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079