අම්පාර දිස්ත්‍රික්කය විවිධ වූ ආපදාවන්ට ලක්ව දිස්ත්‍රික්කයක් වීමත්, විශේෂයෙන් ඊසානදිග මෝසම් ක්‍රියාත්මක වීමත් සමග දැඩි ගංවතුර ආපදා අවදානම තත්වයක් නිර්මාණය වන දිස්ත්‍රික්කයක් වන බැවිනුත් මඩකලපු දිස්ත්‍රික්කයේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීමේ දී පවතින පෙර සූදානම සහ එහි පවතින අඩුපාඩු සොයාබැලීමටත් එම අඩුපාඩු නිවැරදිකර මඩකලපු දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේපළ හා ජීවිත සුරක්ෂිත කිරීම අරමුණු කරගෙන රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා අදාල නිලධාරීන් සමඟ අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය නිරීක්ෂණය කිරීම අද දින සිදුවිය.
මීට සමගාමීව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරමින් පවතින ආපදා අවදානම් අවම කිරීටමේ ව්‍යාපෘති නිරික්ෂණය කිරීම මීට සමගාමීව සිදු කරන ලදී.