ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2022 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.
ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සහ සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල කළ කරන ලදී. අනතරුව සියළු නිළධාරීන් එක්ව 2022 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීමට කටයුතු කරන ලදී.
රටේ පැවති කෝවිඩ් අවදානම හේතුවෙන් මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතා අවස්ථාවේ දී පවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු ආයතන පැය විසි හතර පුරාම රාජකාරියට කැපවු ආකාරයෙන් මෙම වර්ෂයේ දී ද ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා නිළධාරීන්ගේ කැපවීම, වගවිම මෙන්ම ස්වයං විනය මුලික කරගනිමින් තම රාජකාරි ඉටු කිරීමට කැපවිය යුතු බව අතිරේක ලේකම්තුමා නව වසරේ රාජකාරි අරඹමින් පැවසීය.
එසේම සෑම නිළධාරියකුටම හිමි රාජකාරිය මැනවින් ඉටුකිරීම තුළින් රටේ තිරසර සංවර්ධන ඉලක්ක ලගා කර ගැනීමට දායක වන ලෙසත් මෙම වසර තුළ රාජ්‍ය සේවා දිවුරුම් පතිඥාවට අනුව රාජකාරී ඉටුකිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙසත් අතිරේක ලේකම්තුමා තව දුරටත් අවධාරණය කරන ලදී.