සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කර ඇත.
එසේම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙම නිවේදනයේ සදහන් කර ඇත.
අපේක්ෂිත මට්ටමේ වර්ෂාවක් ඇතිවුව හොත් නායයාම් අවදානම් කදුකර ප්‍රදේශවල නායයාම, පස්කන්ඩි කඩාවැටීම, පහත් බිම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවලට ගංවතුර අවදානම ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සහ අකුණු අනතරු අවම කර ගැනීම සදහා කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතුය.
විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී, එසේම පාසැල් සිසුන්ගේ පොත් පත් ලිපි ද්‍රව්‍ය ආපදාවලින් සුරක්ෂිත කර ගැනීමට කටයුතු කිරීමත් පවතින තත්වය හමුවේ ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.