බුරවි සුළි කුණාටුව රාත්‍රී කාලයේ දිවයින තුළට ඇතුලු වේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි
බුරවි සුළි කුණාටුව නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් නැගෙනහිරට බරව ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 4 ත් නැගෙනහිර දේශාංශ අංශක 83. කලා 4 ටත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදි දින (දෙසැම්බර් 02) නිවේදනය කර ඇත.
මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළින් අද දින (දෙසැම්බර් 02) රාත්‍රී කාලයේ දිවයිනට ඇතුලු වේ යැයි එම නිවේදනයේ සදහන් වේ.
මෙම පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා ත් පුනරින් සිට පුත්තලම දක්වා ත් වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 01 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශවලට පැමිණිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් කර ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා ඉහළ යා හැකිය. සෙසු පළාත්වල සුළගේ වේගය පැයට කාලෝමීටර් 60-70 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
අද දින උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමිටර් 200 ඉක්ම වු වැසි බලාපොරෝත්තු විය හැක. එසේම සෙසු පළාත්වලට ද මිලි මීටර් 100 ඉක්මවා වැසි ඇතිවිය හැකිය.
එසේම මෙම පද්ධතිය නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා වැඩි විය හැක. එනිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.