නිවි ඩයමන්ට් ඉන්ධන නෞකාව ගින්න නිසා ඇතිවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීම පිළිබද සාකච්ඡාව
ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්වය පිළිබදව නිරන්තර අවධානය යොමු කරමින් අවම කර ගැනීම සදහා අන්තර් ජාතික වශයෙන් සහ ජාතික වශයෙන් ගත හැකි පියවර කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙහි දී තීරණය කෙරිණි. පැනමා රාජ්‍යයට අයත් “නිවි ඩයමන්ට්” ඉන්ධන ප්‍රවාහන නෞකාව ගිණිගැනීමට ලක් වී ඇත. මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ අල් අහමදි වරායේ සිට නැගෙනහිර ඉන්දියාවේ ඔඩිසා හි පැරඩයිස් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000 ක් ප්‍රවාහනය කරමින් සිටින අතර තුර මෙම ගිනිගැනීම සිදුවී ඇත. “නිවි ඩයමන්ට්” ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිණිගැනීම නිසා ඇතිවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීම සදහා ඉදිරියේ දී ගතයුතු පියවර පිළිබද සොයා බැලේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය,සාමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරීය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුවසහ ධීවර දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශවකාර ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මුලිකත්වයෙන් මෙම ගිනිගැනීම නිසා සිදුවිය හැකි හානි වළක්වාගැනීම සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අද දින සාකච්ඡා කරන ලදී.