මුහුදු රළඉහළ යාම සහ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතී
අද (15) දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රළඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබද අවවාධාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. බේරුවල සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.00 සිට 2.50 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයේ සදහන් වේ. එසේම මෙම මුහුදු සීමාව තුළ මුහුද රළුවිය හැකි නිසා මෙම මුහුදු සීමාවේ ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව සැළකිලිමත් වන ලෙස මෙම නිවේදනයේ තවදුටත් පෙන්වා දී ඇත.
එසේමපවතින කාලගුණ තත්වය පිළිබදව දැනගැනීම සදහා හෝ යම් ආපදාවක් නිසා ඇතිවන පිඩාකාරී තත්වයන් පිළිබදව තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක117 දුරකථන අමතන ලෙස ඉල්ලා සිටී.
මේ පිළිබද වැඩි විස්තර සදහාwww.dmc.gov.lk යන වෙබ් අඩවියට පිවිසෙන්න