මාවතගමින් හමුවුයේ කාන්තාර පලගැටියා නොවුනත් අවධානය යොමු කිරීම අවශ්‍යවේ.
පසුගිය දා මාවතගම ප්‍රදේශයෙන් හමුවු පලගැටි සේනාව කාන්තාර පලගැටියා නොවන බවත් නමුත් මේ පිළිබදව අවධානය යොමු කිරීම අවශ්‍ය බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
එසේම පසුගිය දා කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් විරකෝන්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යනාංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ, කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුලු කණ්ඩායමක් මෙම ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කරන ලදී.
පලගැටි උවදුර මෙරට පැවති උවදුරු තත්වයක් වන අතර විවිධ පළගැටි විශේෂ මෙරට ජීවත් වී ඇති අතර මෙම විශේෂ සියල්ල ශාක භක්ෂක විශේෂ වේ. නමුත් දේශගුණික විපර්යාස තුළ පළගැටි විශේෂ වර්ධනය අසාමාන්‍ය ආකාරයෙන් සිදුවී ඇතැයි කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.
මේ වන විට කුරුණෑගල, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින් මෙම පළගැටි උවදුර වාර්තා වී ඇති අතර මෙම පළගැටියන් විශාල වශයෙන් වර්ධනය වීම නිසා වගාවලට සිදුවිය හැකි හානිය අවම කරගැනීම සදහා කෘමි නාශක ඉසීම සිදු කළ යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් කාන්තාර පළගැටි විශේෂය මේ වන විට ඉන්දියාව දක්වා පැතිර ඇති නිසා කාන්තාර පළගැටියන් මෙරටට පැමිණිමේ ඉඩ කඩ ඇත්තේ සුළං ධාරා මගින් බවත්, එළැඹෙන නිරිත දිග මෝසම් සුළංධාරා නිසා කාන්තාර පළගැටියා මෙරටට පැමිණීමේ හැකියාවක් ද පවතින බවත් ඒ නිසා වැඩි අවධානයක් යොමු කීරීම ඉතා වැදගත් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති කෘෂි තාක්ෂණීක තොරතුරු සංග්‍රහයේ සදහන් කර ඇත.
කොවිඩ් 19 ව්‍යසන තත්වය සමග ඇති විය හැකි ආහාර හිඟය හේතුවෙන් රට පුරා ආහාර නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අවදියක දී පළගැටි ආක්‍රමණ වහා මර්ධනය කළ යුතු හෙයින් කිසියම් ප්‍රදේශයක මෙවැනි උවදුරක් පවතීනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි සහන සේවා කෙටි දුරකථන අංක 1920 ට හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හදිසි ඇමතුම් අංක 117 ට හෝ එසේ නොමැතිනම් ඔබ ජීවත් වන දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ව්‍යාප්ති නිළධාරීන් හෝ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය වෙත දන්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.