දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තද වැසි

පසුගිය පැය විසිහතරක කාලය සළකා බලන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ (මි.මි 180), කිරිඇල්ල (මි.මි 146.00) ක් කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය (මි.මි 148.00), පාලින්දනුවර (මි.මි 148.00), කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල (මි.මි 157.00), පාදුක්ක (මි.මි 124.00), අරකාවිල (මි.මි 101.00) සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල (මි.මි 119.00) ක් සහ වේයන්ගොඩ (මි.මි 139.00) ක වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම ආපදා අවස්ථාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා පවතින කාලගුණ තත්වය පිළිදව නිසි අවධානය යොමු කරන ලෙසත් පසු ගිය සති කීපය තුළ දිවයිනේ නිරිත දිග කලාපයට අධික වර්ෂාවක් පැවති බැවින් නායයාම් සහ ගංවතුර අවදානම කළාපවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ. ඇතිවිය හැකි ආපදා අවම කර ගනිමින් ආපදාවට මුහුණ දීම සදහා පුර්ව සුදානම් වන ලෙසත් තාක්ෂණික ආයතන විසින් විටින් විට ලබා දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් අවධාරණය කරනු ලැබේ.