නව කොරෝනා වෛරස් ආසාධන ප්‍රතිකාර සදහා දිවයින පුරා රෝහල් 13 ක්.

කොරෝනා වෛරස් අවදානම් තත්වයක් වාර්තා වුව හොත් ඒ සදහා ප්‍රතිකාර කිරීම සදහා ජාතික බෝවන රෝග විද්‍යායතනය(අයිඩීඑච්), ජාතික රෝහල (මහනුවර), උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම), ශික්ෂණ රෝහල (කරාපිටිය), ශික්ෂණ රෝහල (අනුරාධපුර), ශික්ෂණ රෝහල (යාපනය), ශික්ෂණ රෝහල (කුරුණෑගල), ශික්ෂණ රෝහල (මඩකලපුව), පළාත් මහ රෝහල (රත්නපුර), පළාත් මහ රෝහල (බදුල්ල) ගම්පහ මහ රෝහල සහ මීගමුව මහ රෝහල යන රෝහල්වල ප්‍රතිකාර ගැනීම සදහා විශේෂ පහසුකම් සලසා ඇත.
එසේම චීනයේ සිට මෙරටට පැමිණි පිරිස් මෙරටට පැමිණි දින දාහතරක් යන තෙක් ඔවුන් ගේ නිවෙස් හෝ වාසස්ථානවලින් බැහැරට නොයන ලෙස ජාතික වසංගත රෝග විද්‍යායතනය දැනුම් දී ඇත. එසේම එම කාලය තුළ උණ කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් වැළදුනහොත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහතා දැනුවත් කර ඔබට ආසන්නම පිහිටි ඉහත රෝහළක් වෙත ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ජාතික වසංගත රෝග විද්‍යායතනය ඉල්ලීමක් කර ඇත.