அவசர எச்சரிக்கைகள்

rss

 

Low-pressure-area-in-Bay-of-Bengalදිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. අද (06) උදෑසන 5.30 ට කාලගුණවිදයා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ  වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව පෙන්වා දී ඇත.

එසේම නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වෙන අතර, ඌව පළාතෙත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 පමණ තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

 

එසේම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවත් විශේෂයෙන්ම බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් නිවේදනය කර ඇත.

එසේම කන්කසන්තුරය සිය ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

එබැවින් ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැඩි සුළං සහ අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි නායයෑම් වැනි ආපදා අවදානම් තත්ත්වයන් පිළිබඳව විමසිලි මත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි තාක්ෂණික ආයතන විසින් ලබාදෙන අනතුරු ඇගවීම් සහ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධයස්ථානයේ 117 දුරකථන අංකයෙන් මේ සම්බන්ධ තොරුතුරු ලබාගන්නා ලෙසත් ජනතාවට දැනුම් දේ.

@ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

2026-01.06

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052