1St team for  Myanmar 1පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින්හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට පසුගිය මාර්තු 31 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවති සාකච්ඡාවේදී තිරණය කරන ලදී.

ඒ අනුව පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිල මහතාගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්විය.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර ඉතා කෙටි කාලයක් තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලු පාර්ශවකාර ආයතනවල සම්බන්ධීකරණයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

ථේරවාදී බුදු දහම නැවත අප රටේ ස්ථාපිත කිරීමට දායකත්වය ලබාදුන් ලෝකයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයට ආපදා සහන මානුෂීය සේවාවන්ට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය, මෙරට ක්‍රියාත්මක අන්තර් ජාතික සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ ව්‍යාපාරික ප්‍රජාව සහ ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරනු ලැබූ මානුෂීය ආධාර තොගයක් ද, මෙම කණ්ඩායම සමඟ මියන්මාර් රජය වෙත ලබාදීමට කටයුතු කරනු ලැබීය.

මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා රටක් වශයෙන් අපගේ ඇති කැපවීම මැනවින් විද්‍යමාන කරයි.

 

1St team for  Myanmar 21St team for  Myanmar 51St team for  Myanmar 6

1St team for  Myanmar 81St team for  Myanmar 91St team for  Myanmar 11

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052