එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත ආචාර්ය දයාන් රණතුංග, මානුෂිය සංවර්ධන විශේෂඥ ආචාර්ය රායි බුනනවෙන්තුරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි නියෝජිත කණ්ඩායමක් මාර්තු 27 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා හමුවිය.
ආපදා කළමනාකරණය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකාර ආයතනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග සමීපව කටයුතු කරනු ලබන අතර ඉදිරි වසර තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට අදාලව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මුලික අරමුණ විය.
ඉදිරි වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට අදාලව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛතාවයට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත් කම පිළිබඳව අධ්‍යක්ෂ ජනෙරාල් විසින් අවධානය ලක් කළ අතර අදාළ කාල රාමුව අනුව සැලසුම් කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.
රට තුළ ආපදා අවදානම් කළමනාකරණය කිරීම සදහා මෙන්ම වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රජාවට සහාය වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දක්වන කැපවීම සහ ආයතන සම්බන්ධීකරණ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල් නියෝජිතයින් සිට ප්‍රශංසාව පළ කරන ලද අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ පවතින අඛණ්ඩ හවුල්කාරිත්වය කෙරෙහි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි කැපවීම තහවුරු තරන ලදී.