බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ 13 වන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හදාරණු ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්‍රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (03/27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නිරීක්ෂණ චාරිකාවට පළමුව ආපදා අවදානම් කළමනාකරණ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ හදිසි මෙහෙයුම් ක්‍රමවේදය පිළිබද සිද්ධාන්තික දේශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත් වු අතර හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය සහ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය පිළිබඳ සාකච්චාමය සංවාදයක් සිදු කෙරිනි.
කාවන්තිස්ස රජ සමයේ ඇති වු මුහුද ගොඩගැලීම් ව්‍යසනයේ දී ද අප විශ්වාශ මත පදනම් කරගනිමින් කටයුත කර ඇති බවත් ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ දී ගත යුතු පියවර පිළබඳ අනුගමනය කරනු ලබන විද්‍යාත්මක ක්‍රමවේද පිළිබදව අප දැනුවත් වී නොසිටි බවත් පෙන්වා දෙන ලදී. එම තත්ත්වය සුනාමි ආපදා හානි සම්බන්ධව සළකා බැලීමේ දී ද මෙම තත්ත්වය මැනවින් අධ්‍යයනය කළ හැකි බවත් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් සම්පත් කොඩුවේගොඩ මහත පෙන්වා දෙන ලදී.
වර්තමානය පවතින ආපදා අවදානම් තත්වයන් සළකා බැලීමේ දී හදිසි මෙහෙයුම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අභිබවමින් ආපදා අවදානම් කළමනාකරණය සහ ආපදා පෙරසුදානම, ප්‍රජා දැනුවත් කිරීම සහ ප්‍රතිෂ්ඨාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සදහා නිශ්චිත ක්‍රියාකාරී සැලසුම් අප සතුවිය යුතු බවත් එම සැලසුම් අනුව ක්‍රියා කිරීමේ මනා පුහුණුවක් ලබා තිබිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පෙන්වා දෙන ලදී.
එසේම ත්‍රිවිධ හමුදාව හදිසි ආපදාවන්වලදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා එක්ව තම රාජකාරී නිසි ලෙස ඉටුකර ඇති බවත් එය ඉදිරියට මෙම සහයෝගය සහ වගකීම නිසි ආකාරයෙන්ම පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හා වැදගත් කම අවධාරණය කරන ලදී. එබැවින් ආපදා අවදානම් කළමනකරණ ක්‍රියාවලිය සහ ඊට අදාල නෛතික මෙන්ම අන්තර් ජාතික තත්ත්වයන් පිළිබදව දැනුවත්වීම සහ එම දැනුම ත්‍රිවිධ හමුදානිළධාරීන් වෙත මෙන්ම මහජනතාව වෙත ලබාදීමේ අවශ්‍යතාවය සහ එය ආපදා අවදානම් අවමකිරීමේ උපාය මාර්ගයක් වශයෙන් භාවිතා කිරීමේ හැකියාව පිළිබදව පෙන්වා දෙන ලදී.