lightingපළමු අන්තර් මෝසම් කාලසීමාව වන මාර්තු සිට අප්‍රේල් දක්වා කාලසීමාට තුළ අපට අකුණු අනතුරු බහුලව වාර්තාවන කාලසීමාවක් වන බැවින් අප අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කළ යුතු වන අතර මේ දිනවල බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මොනරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල අකුණු අනතුරුවලින් සිදුවිය හැකි හානි වළක්වාගැනීම සඳහා පහත දක්වා ඇති ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන එම දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කර ඇත. විශේෂයෙන්ම මේ දිනවල කුඹුරු අස්වැන්න නෙලන කාලසීමාව බැවින් කුඹුරුවල, එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී සිටීමෙන් වැළකී සිටිය යුතුය. එසේම වැසි සහිත අවස්ථාවල දී රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකී සිටිය යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයෙන් දක්වා ඇත.

අකුණු ගැසීම ස්වාභාවික සංසිද්ධියක් නිමා ඇතිවිය හැකි අනතුරු සම්පුර්ණයෙන්ම වැලැක්විය නොහැක. එසේ වුවත් සිදුවන අනතරු බොහොමයක් මගහරවා ගත හැකිය. ඔබ ජීවත් වන ප්‍රදේශයේ අහසෙහි අකුණු ඇතිවන කැටි වළාකුළු දුටුවහොත් අනතුරු මගහැර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් වන අතර අකුණු අනතුරකට ලක් වූ පුද්ගලයෙකු හට ප්‍රථමාධාර ලබාදීම සිදු කළ යුතු අතර අනතුරට භාජනය වූ තැනැත්තා හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කිරීම ජීවිතය බේරාගැනීම සඳහා ඉතා වැදගත් වේ.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079