rss

Badulla HaliEla Railway line Cleaning 2පස් කණ්ඩි කඩාවැටීම හේතුවෙන් පසුගිය දින බදුල්ල සහ හාලිඇල අතර ඇති 179/60 සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගය අවහිර වු අතර මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට හාලිඇල දක්වා දුම්රිය ගමනා ගමනය අඩාල විය. මේ හේතුවෙන් උඩරට දුම්රිය භාවිතා කරනු ලබන දෙස් විදෙස් සංචාරකයින් හට මුහුණදීමට සිදුවිය හැකි බාධා මගහැරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුධහමුදාව සම්බන්ධීකරණය කරගනිමින් කඩිනමින් දුම්රිය මාර්ගය යථාවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කාර්යාලය ශ්‍රී ලංකා යුධහමුදා 2 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකායේ බටපිරිස්, දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් එක්ව දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කළ අතර මෙම සම්බන්ධීකරණ ක්‍රියාවලිය නිසා ඉතාමක් ඉක්මනින් ඉක්මනින් දුම්රිය ගමනාගමනය නැවත ආරම්භ හැකි විය.

Badulla HaliEla Railway line Cleaning 1Badulla HaliEla Railway line Cleaning 4

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052