හදිසි අනතුරු ඇඟවීම්

rss

01ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීමත් සමග දිවයිනට බල පෑ හැකි ආපදා හානි අවම කර ගැනීම අරමුණු කරගනිමින් පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම කුමන ආකාරයෙන් පැවතිය යුතුද යන්න පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෝසම් ආපදා පෙරසුදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් විශ්‍රාමින මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

පසුගිය වසරවල ඊසාන දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්ත්වයන් හා හානි පිළිබඳව අවධානය යොමු කරමින් එලැඹෙන මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම මෙම වැඩසටහ‍නේ මූලික අරමුණ විය. එසේම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වූ ෆෙන්ගල් (Fenegal) සුලි කුණාටුව හේතුවෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුර, අධික සුළං, අකුණු, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් ආදී ආපදා වා‍ර්තා වු අතර මේ හේතුවෙන් බලපෑමට ලක් වු උතුරු නැගෙනහිර සහ උතුරුමැද ආදී දිස්ත්‍රික්කවලට නැවත ඊසාන දිග මෝසම් සක්‍රීයවීම තුළ ඇතිවිය හැකි බලපෑම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලදී.

මෙවර ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් දිවයින පුරා සැළකිය යුතු වර්ෂාපතනයක් අපේකෂා කරන බවත් විශේෂයෙන්ම ජනවාරි සහ පෙබරවාරි මාස වල දී සාපේක්ෂ වශයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බව මෙහිදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පුරෝකථනය තුළ ටපන්වා දෙන ලදී. එසේම මෙම කාල සීමාව තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාප වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් පුරෝකථනය කරනු ලබන වර්ෂාපතනය ඉක්මවා වර්ෂාව ලැබිය හැකි බව මෙහි දී පෙන්වා දෙන ලදී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල ජල මට්ටම සළකා බැලීමේ දී 85% ක පමණ ප්‍රතිශකයක් ජලය පිරී පවතින බවත් ජල පෝෂක ප්‍රදේශ සඳහා ලැබෙන වර්ෂාව පිළිබඳව අවධානය යොමු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දුන් අතර පසුගිය ගංවතුර සමයේ වැඩි වශයෙන් ගංවතුර තර්ජනයට ලක් වූ ගංගා ද්‍රෝණි සළකාබලන විට මල්වතු ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, යාන් ඔය, ගල් ඔය, නිල්වලා, මුන්දෙනි ආරු සහ හැඩ ඔය යන ගංගා ද්‍රෝණිවල ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමෙහ්න්තුව පෙන්වා දෙන ලදී. අමතරව ඊසාන දිග මෝසම් කාල සීමාව තුළ හදිසි ගංවතුරට ගොදුරු විය හැකි දිස්ත්‍රික්ක වශයෙන් මඩකලපුව, මන්නාරම, පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දෙන ලදී. එබැවින් ආපදා කළමනාරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී.

කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පුරෝකථන පදනම් කර ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් ආපදා අවදානම නිරීක්ෂණ කිරීම සදහා කටයුතු කරනු ලබන බවත් අදාල නිවේදනය අනුව කටයුතු කිරීමේ වැදගත් කමත් අවධාරණය කරන ලදී. එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ වන විට හදුනාගෙන ඇති නායයෑම් අධි අවදානම් කලාපවල පිළිබදව අවධානය යොමු කරන බව මෙහි දී පෙන්වා දෙන ලදී. නමුත් පසුගිය වර්ෂවල දත්ත සළකා බැලීමේ දී කණ්ඩි කඩාවැටීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බව පෙන්වා දෙන ලදී. එබැවින් මහජනතාව මේ පිබදව දැනුවත් කිරීම සහ වැඩි අවධානය යොමු කරවීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. 

ඊසාන දිග මෝදම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදාවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් අදාල පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් කිසියම් ආපදා තත්වයක් නිසා ඇතිවිය හැකි ජීවිත හානි අවම කර ගැනීම සදහා කටයුතු කිරීමේ දී අවම කාලයකින් අවශ්‍ය පිවර ගැනීම තම අරමුණ බවත් සියලු අත්‍යවශ්‍ය සේවා බලපැමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පිවර ගැනීම පාර්ශව කරුවන් විසින් සහතික කළ යුතු බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනෙරාල් මෙහි දී අවධාරණය කරන ලදී. එබැවින් පාර්ශවකාර ආයතන අතර මනා සම්බන්ධීකරණය, තොරතුරු බෙදාහැරීම සහ පුර්ව අනතුරු පිළිබදව මහජනතව දැනුවත් කිරීම පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. 

පැවති වර්ෂාධික දේශගුණික තත්ත්ව හේතුවෙන් ඉදිරි ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් ඊසාන දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඇති විය හැකි අවදානම අවම කරගැනීම සදහා අවධානය යොමු විය යුතු බවත් ඊට අමතරව මී උණ ව්‍යාප්තවීම මෙම කාලසීමාව තුළ සැළකිය යුතු අන්දමින් වැඩි වී ඇති බව සංඛ්‍යාලේඛන තුළින් ගම්‍ය වන බවත් මෙම අවස්ථාවට සහභාගීවෙමින් වෛද්‍ය අසංග වෙදමුල්ල පෙන්වා දෙන ලදී. එබැවින් වගා කටයුතු, පතල් කර්මාන්තය වැනි වැඩි වේලාවක් මඩ සහිත ජලයේ කටයුතු කරන ජනතාව එම කාර්යයන් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය වෛද්‍යනිළධාරී කාර්යාල මගින් අදාල ප්‍රතිකාර ලබාගැනීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී. එසේම මේ පිළිබදව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරි කාර්යාල දැනුවත් කර ඇති බව ද හෙතෙම පෙන්වා දෙන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධවන රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන නියෝජිතයින්, ජාතීන්ගේ නියෝජිතායතන නියෝජිතයින්, රාජ්‍යය නොවන සංවිධාන, පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී විය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී විය.

අදාල තාක්ෂණික ආයතනය විිසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම් පහත සබැදිය මගින් භාගත කර ගත හැකිය

  1. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
  2. වාරිමාර්ග දෙපාර්තමේන්තුව
  3. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
  4. ජාතික සහන සේවා මධ්‍යස්ථානය
  5. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Northeast Monsoon committee  1Northeast Monsoon committee  3Northeast Monsoon committee  4

Northeast Monsoon committee  5Northeast Monsoon committee  6Northeast Monsoon committee  7

Northeast Monsoon committee  8Northeast Monsoon committee  9Northeast Monsoon committee  10

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052